දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බව කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර නිලධාරිවරයා පැවැසීය. දකුණු කොරියාවේ මේ වනවිට මෙම
කොරෝනා වසංගත රෝගය වඩාත් වේගයෙන් පැතිර යමින් පවතින බව එරටින් ලැබෙන තොරතුරු මගින් අනාවරණය වේ. දකුණු කොරියාවේ ඉන්චියොන් සිට 182ක් පෙරේදා (1) කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණි බව එම නිලධාරියා පැවැසීය. කොරියානු ගුවන් සේවයට අයත් කේ.ඊ.-473 දරන ගුවන්යානයෙන් මෙම පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණ. මෙම පිරිස අතරින් 137 දෙනකුම ශ්‍රී ලාංකිකයන් වීම විශේෂත්වයකි.
මේ ආකාරයට පසුගිය දින කිහිපය තුළ දී දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාවේ පෙරට වඩා වර්ධනයක් දක්නට ලැබෙන බව කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවැසීය. එමෙන්ම මෙම ගුවන්යානයෙන් පැමිණි ශරීර උෂ්ණත්වය 100 F' වැඩි උණ රෝගයෙන් පෙළුණු ගුවන් මගීන් දෙදෙනකු කටුනායක ගුවන්තොටුපොළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය මගින් හඳුනාගෙන ඔවුන් විශේෂ ගිලන්රථ මගින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත යවා ඇත. කටුනායක ගුවන්තොටුපොළ වෙත විවිධ රටවල සිට පැමිණෙන සියලුම ගුවන් මගීන් ගුවන්තොටුපොළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ස්ථාපිත කර ඇති ස්වයංක්‍රීය උපකරණ මගින් නිරන්තර පරීක්ෂාවට ලක් කෙරේ.
-ටී.කේ.ජී.කපිල-