රිය අනතුරක් සිදුකර පලායාමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරයේ පසුවු ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා ඇප මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (03) වනදා නියෝග කර තිබේ.අතිරේක මහේස්ත්‍රාත් දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා
ඔහුට රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් නියම කළ අතර බීමතින් රිය පදවා සිදුකළ අනතුරින් මියගිය පුද්ගලයාගේ බිරිදට රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර මරණිය අනතුරක් සිදු කිරීම නිසා කාවිංග පෙරේරාගේ රියදුරු බලපත්‍රය අත්හිටුවීමට
අධිකරණය නියෝග කර තිබේ.
පසුගිය 19 වනදා තලංගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට පදික මාරුවක් පින්තාරු කරමින් සිටි පිරිසක් යටකරගෙන
 බීමතින් අධික වේගයෙන් රිය පදවා තිබූ කාවිංග පෙරේරා එම ස්ථානයේ සිටි එක්දරු පියෙකු යට කර පළායාමට තැත්ත කළ අතර පිරිස එක්වී කාවිංග අල්ලා පොලිසියට භාර දෙන ලදි. යටවූ පුද්ගලයා මියගිය අතර දෙමස් බිළිඳෙකු සමග ඔහුගේ බිරිය අසරණ විය.
එම අවස්ථාවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පුද්ගලයාගේ අවමංගල්‍ය කටයුතු වලට වියදම සඳහා කාවිංග රුපියල් ලක්ෂයක මුදලක්ද පිරිනමා තිබූ අතර ඊයේ ඔහු කළ වරද පිළිගෙන රුපියල් ලක්ෂ 5 ක් ගෙවා තිබේ. එකතුව ලක්ෂ 6 කි.
කාවිංග ඇප මත නිදහස්ය.