ප්‍රතිපාදන සලසා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශ කර ඇති කොවිඩ් 19 වසංගතය ශ්‍රී ලංකාවේ පැතිරීම වැළැක්වීම සඳහා 1897 අංක 3 දරණ රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥා පනතේ විදිවිධානවලට අනුව රෝග නිරෝධායන රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරන ඕනෑම තැනැත්තකු මෙසේ අත්අඩංගුවට ගත හැකිය.
ඉහත වැරැදි ප්‍රතිපාදන යටතේ යම් තැනැත්තකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහොත් ඇප ලබාදීම සම්බන්ධයෙන් ඇප පනතේ ප්‍රතිපාදනවලට අදාළ වියයුතු අතර එම පනතේ 6 (1) වගන්ති අනුව සිදුකරන වරදක් සම්බන්ධයෙන් මහජන ප්‍රතිචාරය සාමය කඩවීමක් විය හැකි බවට අදාළ පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ මතය වන්නේ නම් ඇප ලබා නොදී (සැකකරු හෝ සැකකරුවන්) අධිකරණයට ඉදිරිපත් කළ හැකි අතර, එම පනතේ 14 වගන්තිය අනුව එම කාරනා මත මහේස්ත්රාත්වරයකුට ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ හැකියාවද ඇති බව පොලීසිය සඳහන් කරයි.
අසේල ලියනගේ