පසුගිය දිනවල ආන්දෝලනයක් ඇති කරමින් ලංකාවේ මතුවූ පළමු කොරෝනා රෝගියා වූ මත්තෙගොඩ
පදිංචි ජයන්ත රණසිංහ මහතාගේ වැඩිමල් දරුවා වන කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන 18 හැවිරිදි පුත්‍රයාද IDH රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
එම දරුවාගේ උගුරේ සෙම පැටලීම
සහ හිසරදය පැවතීම හේතුවෙන් ඒ බව ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමත් සමඟ රෝහල් ගතකිරීමට පියවර ගෙන ඇත.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට නියමිත අතර දරුවා කිසිදු අසාධ්‍ය තත්වයක් පෙන්නුම් නොකරන බවද ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිටින සංචාරක මඟ පෙන්වන්නා හා පසුගිය කාලයේ සම්බන්ධිත 85 දෙනෙකු මෙම රෝගයට ගොදුරුව ඇතිදැයි පරීක්ෂාකාරි වන බව ඊයේ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍ය ඉදිරියේ දන්වා සිටි අතර ඔහු නිසා කොරෝනා ආසාදනය වූ දෙවැනි සංචාරක මගපෙන්වන්නාගේ පවුලට සම්බන්ද 13 දෙනෙකුද පරීක්ෂණ සදහා යොමු කර තිබේ.