නැත්නම් රාජකාරි කටයුතුත් එක්ක බොහොම කාර්යබහුල ජීවිතයක් ගෙවන අම්මලාට මේ හැමදෙයක් අස්සෙම දරුවන්ගේ පෝෂණය ගැනත් හිතන්න වෙනවා.
උදේට ගෙදරින් පාසලට යන දරුවගේ කෑම බීම ටික
ගොඩක් වෙලාවට ඉන්ටර්වල් එකේදී දරුවෝ බලන්නෙම පාට පාට පැණි බීම බීලා බඩ පුරවා ගන්න. හැබැයි මේ පැණි බීම වල අධික සීනි සාන්ද්‍රණයක් තියෙන නිසා ඒවාගෙන් දරුවන්ගේ සෞඛ්‍ය මට්ටම ඉක්මන් පිරිහීමකට ලක්වීම ස්වාභාවිකයි. රසවත් වගේම පෝෂණීය පානයක් දරුවන්ගේ පාසල් බෑගයට එකතුකරන්න අම්මලා සැලකිලිමත් වෙන්න ඕන මේ නිසයි.
සීනි අධිකව ගැබ්වෙලා
කොළඹ නගරයේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණ කීපයකම සැරි සැරූ අපිට දැකගන්න ලැබුණේ ගොඩක් අම්මලා දරුවෝ වෙනුවෙන් ෂොපින් කරද්දී විවිධාකාරයේ පාන වර්ග තෝරගත්තත් අඩු තරමේ පැකට් එකේ ලේබලේ වත් හරියට නොකියවා ඒ තෝරාගැනීම් කරන බවයි. විශේෂයෙන්ම, ඒ පාන වර්ග වල තියෙන සීනි සාන්ද්‍රණය ගැනවත් අම්මලාට හරිහැටි අවබෝධයක් නැහැ. නොයෙක් නොයෙක් පාන වර්ග වල ලේබල් කියවපු අපිට, දරුවන්ගේ පෝෂණය නංවාලීමට උදව් වෙන ඒ වගේම සුක්රෝස් තේ හැඳි 1ක් වගේ ඉතාම සුළු මට්ටමකින් සීනි අන්තර්ගත වෙලා තිබෙන පෝෂණීය පානයක් හඳුනාගන්න හැකිවුණා. සමබර පෝෂණයකට රුකුල් දෙන, දිනපතා අපි කාටත් වුවමනා වෙන ශක්ති අවශ්‍යතාවයෙන් 8 %ක ප්‍රමාණයක් සැපයෙන මේ පානය Milo.
ඉතිං, දරුවන්ගේ පෝෂණය ගැන හිතන අම්මලාට අපි ආයෙමත් මතක් කරන්නේ වෙළඳපලට ගිහිං හදිස්සියෙන් බඩු ගන්න අතරතුරදී අමතක නොකර දරුවන්ගේ සමබර පෝෂණය ගැනත් දෙවරක් හිතන්න කියලයි.