අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ගේ ආහාරයට ලබාදීමට රැගෙන ගිය බව කියන පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින කෙලවල්ලා මාළු කිලෝග්‍රෑම් 60ක් සමග සැකකරුවන් දෙදෙනකු
පෙරේදා (2) අත්අඩංගුවට ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු බව නිලධාරීහු කියති. මෙලෙස අත්අඩංගුවට ගත් මාළු තොගය දුර්ගන්ධයකින් යුතු බවද දුඹුරු පැහැගැන්වී තිබූ බවද අපිරිසුදු අයුරින් ඉටි කොළයකින් වසා තිබූ බවද නිලධාරීහු කියති. තවද මෙම මාළු තැලී තිබී ඇති අතර, මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයේ තිබූ බවද නිලධාරිහු කියති.
මෙම මාළු තොගය ප්ලාස්ටික් බහාලුමක අයිස් නොමැතිව ගබඩා කර තිබී ඇති අතර පොල්, අල, ලුනු සහ බෝංචි යන ආහාර සමග ගබඩා කර ලොරියකින් තංගලේ සිටම අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයට ප්‍රවාහනය කර ඇතැයි මහජන පරික්ෂකවරු පවසති.අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දහසකට අධික රැඳවියන් පිරිසකට ආහාරයට ලබා දීමට මෙම මාළු රැගෙන ගොස් ඇතැයි නිලධාරිහු කියති.
හුංගම සෞඛ්‍ය පරීක්ෂක එම්. එම්.ඒ.සී.එම් කුමාර අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයෙන් ලැබුණු නිර්ණාමික දුරකතන ඇමතුමක් ඔස්සේ සිදුකළ පරික්ෂාවකදී මෙම මාළු තොගය අත්අඩංගුවට ගැනීමට හැකිව තිබිණ. හුංගම මහජන සෞඛ්‍ය පරික්ෂක එම්.එම්.ඒ.සී.එම්. කුමාර, ලුණම මහජන සෞඛ්‍ය පරික්ෂක ජේ.ආර්. විමල්, මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රියංකර සහ බුද්ධික යන නිලධාරිහු වැටලීම කළහ. අත්අඩංගුවට ගත් මාළු
තොගය විනාශ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ක්‍රියාකළහ.