12 වැනිදා සිට 19 දා දක්වා කාලය අතරතුරදී අදාළ අංශ වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (06 දා) වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බව පවසමින් නීතිඥ ජීවන්ත ජයතිලක මහතා කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.
එම නඩු විභාගය අතරතුරදී පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් කළ බවට නැඟුනු පැමිණිල්ලක් අනුව විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන ලබන 12 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කර තිබිණි.