යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු කෙරෝනා වෛරසය ආසාදිතයෙකු බවට අද හඳුනාගෙන තිබෙයි. 40 හැවිරිදි එම පුද්ගලයා කොරෝනා ආසාදිත ස්විට්සර්ලන්ත දේවගැතිවරයා ඇසුරු කළ අයෙකු බව අනාවරණ වී ඇත.
අරියාලේ ෆිලඩෙල්පියා දෙවු මැදුරේ පසුගිය මාර්තු 15 වැනිදා පැවැති දේව මෙහෙයට
සහභාගී වූ සියලුම බැතිමතුන්ට ස්වයං නිරෝධානයට ලක්වන ලෙස යාපනේ සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කර තිබුණි.
ස්වීස් ජාතික පූජකයකු විසින් මෙම දේව මෙහෙය පවත්වා ඇති අතර
පසුව වාර්තා වුනේ ඔහුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවකි.
උතුරු පළාත් භාර සොඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඒ කේතීෂ්වරන් සඳහාන් කළේ මෙම දේව මෙහෙයට 200ත් 250ත් අතර බැතිමතුන් පිරිසක් සහභාගී විී ඇති බවකි. පූජකවරයාගේ බිරිය ඔහුවෙනුවෙන් යාඥා කරන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා ඇති බව ආණ්ඩුකාරවරයා තහවුරු කර ඇත.
නාවාට්කුලි, යාපනය,නල්ලූරුව හා මානිපායි බැතිමතුන් සහභාගී වී ඇති අතර මේ පිරිස සිටින තැන් සොයා ඔවුන් නිරෝධායනයට පත් කිරීමට සොඛ්‍ය දෙපාර්තමේන්තුව මෙහෙයුම් දියත් කර ඇත.
අදාල පූජකයා සමග සමීපව කටයුත් කළ දෙදෙනකු කෝවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර අද රෝගය වැළඳුණ බව හදුනාගැනුනේ එම දෙදෙනාගෙන් කෙනෙකුටය.
මේ වන විට ඔවුන් යාපනේ ශික්ෂන රෝහලට ඇතුළත් කර ඇත. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම මෙහෙයට සහභාගී වූ අනෙකුත් පුද්ගලයින්ද ආරක්ෂක ක්රමවේිද අනුගමනය කරමින් නිරෝධායනයට ලක් විය යුතු බවයි.
ඔවුන් මෙසේ ප්‍රකාශ කළද මෙම දේව මෙහෙය සඳහා සහභාගී වූවන් වැඩිදෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව කියැවේ.
වවුනියාවේ සිට දේව මෙහෙයට පැමිණි පවුල් දෙකක් හඳුනාගෙන ඇති අතර මොවුන් පරීක්ෂා කර හැකි ඉක්මනින් වාර්තාවක් ලබා දෙන ලෙස යාපනය රෝහලට දැනුම් දී ඇත.
බලධාරීන් පවසන්නේ දේව මෙහෙය පවත්වන අවස්තාවේද අදාල පූජකවරයාද යහපත් සෞඛ්‍ය තතත්වයක පසු වී නොමැති බවයි.
දේව මෙහෙය අවසානයේ පුජකයා පැමිණ සිටි 200ත් 250ත් අතර සියලු දෙනා වැළදෙගෙන ආශිර්වාද කර ඇති අතර මෙය බරපතල තත්ත්වයකි.
නල්ලූර් ප්‍රාදේශීය සභා බල පෙදෙසට අයත් අරියාලේ මෙම දේව මෙහෙය පවත්වා ඇත්තේ රජය කිසිදු හේතුවක් නිසාවත් ජනතාවට එක් රොක් නොවන ලෙස දන්වා සිටියදී වීමද ගැටලු කාරීය.
අදාල පූජකයා දිවයිනේ ගත කළ කාලයේ ගමන් කළ තැන්
මාර්තු 10 උදේ 9.00ට කටුනායක ගුවන්තොටුපොල
එදිනම අනුරාධපුර මැන්ගෝ මැන්ගෝ හෝටලය
යාපනය, අරියාලෙයි පල්ලිය
මාර්තු 13 දින,
යාපනය HNB සිග්නල් හන්දියේ කන්කසන්තුර පාරේ මාකට් එක
මාර්තු 15 දින
යාපනය philadelphia පල්ලියේ දේව යාඥාව
මාර්තු 15 යාපනයෙන් රාත්‍රී 10ට කුලී රථයකින් පිටවී ඇත.
එන අතරතුර , රාත්‍රියේ රියදුරු මුරුකන්ඩි පන්සල අසල නවතා ගිමන් හැර ඇත.
මාර්තු 16 උදේ 5.30ට පමන ඩුබායි බලා පිටත්ව ගොස් ඇත
මොහු සමග ගැටුනු කෙනෙක් වේ නම්, වහාම සෞඛ්‍ය අංශ අමතන්න.