11.40 am
මියගිය පුද්ගලයා උතුරු පළාතේ පුන්කුදුතිව් හි පදිංචි සතාසිවම් ලෝගනාදන් (59) ලෙස හඳුනාගෙන ඇත.. යාපනය ප්‍රදේශයෙන් එරටට ගිය ඥාතීන් සමඟ ස්විට්සර්ලන්තයේ පදිංචිව සිටියේය.
මේ අතර, ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු කොරොන රෝග තත්වය වැළඳී ප්‍රංශ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ද විදේශ අමාත්‍යාංශය තහවුරු කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තවත් ලාංකිකයෙකුට කොරෝනා වැළඳී ඇති බව ඊයේ හෙළිව තිබුණි.


10.00 am
ශ්‍රී ලංකාවෙන් ස්විට්සර්ලන්තයට සංක්‍රමණයවූ  59 හැවිරිදි අයෙකු කොරෝනා රෝගයට ගොදුරුවී මරණයට පත්වූ බව විදේශ අමාත්‍යංශය මගින් තහවුරු කර තිබේ. මොහු මියගියේ පෙරේදා (25) බවද
වාර්තා කර තිබේ.

මියගිය තැනැත්තා පිළිබඳ ඊට වඩා විස්තර තවම ලබාදී නැත.
ශ්‍රී ලංකාවෙන් පිටත හෝ ඇතුළත කොරෝනා නිසා ශ්‍රී ලාංකිකයෙකු මියගිය බව තහවුරුවූ මුල් අවස්ථාව මෙයයි. මීට පෙර ඉතාලියේ ලාංකිකයෙකු මියගිය බව දන්වා තිබුණත් එය නිවැරදි නොවන බව විදේශ අමාත්‍යංශය දන්වා තිබුණි.
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සැලකීමේදී ස්විට්සර්ලන්තය දැන් 8 වන ස්ථානයේ පසුවේ. රෝගීන් 11811 ක් අතරින් මරණ 192 ක් එරට සිදුව ඇත.