“වියළි කාලගුණ තත්ත්වය තුළ ජල පරිභෝජනය වැඩි වෙලා තියෙනවා. ඒ තරමටම අවශ්‍ය ලෙස හදිසියේම ජල සැපයුම වැඩි කරන්නට පුළුවන්කමක් නෑ. ජලය නැතිනිසා නෙවෙයි, අපට තියෙන පිරිපහදුවල ධාරිතාවය වැඩිකරන්න හදිසියේ බැරි නිසා. පිරිපහදුවක් හදන්න අවුරුද්දක් හමාරක් යනවා.
මේ වැඩි ජල පරිභෝජනයේ වැරදිකාරයෝ කවුද ? අපි හැමෝම වැරදිකාරයෝ. දෙපාර නානවා මේ දවස්වල. මං පළමුවෙන්ම අනතුරු හඟවන්න ඕනෙ මේ ලොකු ගෙවතු තියෙන පොහොසත් උදවිය ඒවා අලංකාරව තබාගැනීමට මේ පිරිපහදු කරපු ජලය පාවිච්චි කරනවා. ඒකට තහනමක් නෑ. නමුත් මේ වෙලාව පැලවලට වතුර දාන වෙලාවක් නෙවෙයි. මගේ ගෙදර කුඩා ගෙවත්තෙ පැල මැරී යනවා, මම දුකෙන් බලාගෙන ඉන්නවා, නමුත් මේ පිරිපහදු වතුර මම යොදන්නෙ නෑ. කාර් හෝදන්නෙ නෑ, නමුත් ඒ ඔක්කොම කරනවා ලොකු මිනිස්සු”
යනුවෙන් ඔහු පවසා සිටියා.