ඇතුළතදී තම ගමන් අවශ්‍යතා සපුරා ගැනීමට මෙහිදී ජනතාවට හැකියාව ලැබේ. මේ වනවිට මෙම සේවය සඳහා බෝට්ටු හතරක් යොදා ඇති බවත්, ඉතා ඉක්මනින් බෝට්ටු ප්‍රමාණය වැඩිකරමින් මගී ජනතාවට පහසුකම් සලසාදීමට කටයුතු සිදුකරන බවත් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති, විශ්‍රාමික ජනරාල් එම්.ආර්.ඩබ්. ඩී. සොයිසා මහතා පැවසීය.
මේ බෝට්ටු රථ ධාවනය කිරීම සඳහා නාවික හමුදාවේ පළපුරුදු විශ්‍රාමික නාවික නිලධාරීන් යොදවාගන්නා බවත්, මගීන්ගේ උපරිම ආරක්ෂාව සඳහා කටයුතු සැලකිලිමත්ව ක්‍රියාකරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට නාගරින සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති, විශ්‍රාමික ජනරාල් එම්.ආර්. ඩබ්.ඩී. සොයිසා මහතා, නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ප්‍රියාල් ඩී. සිල්වා මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගි වී සිටියහ.
- ෂවින්ද්‍යා එරන්දතී -