රෝහල්ගත කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පැවසුවා.
කොළඹ ප්‍රදේශයේ පදිංචි මොහු අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඊයේ (31) කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබුණා. මෙම මඟපෙන්වන්නා නවාතැන්ගත් සංචාරක හෝටලය ඊයේ (31) දින සිට තාවකාලිකව වසා දැමීමට තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පියවර ගත් අතර එම හෝටලය විෂබීජහරණය කිරීම අද (1) සිදුකෙරුණා.
මෙම හෝටලයේ සේවකයන් දෙදෙනකු අද (1) දින වන විට සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව වෛද්‍ය ජගත් ගජධීර මහතා සඳහන් කළා.