බෙලිඅත්ත ගලගම මීමනහේනේ පදිංචිව සිටි 75 හැවිරිදි සයදරු මවක් උණ, සෙම්ප්‍රතිෂ්‍යාව වැළදී 13 වන දින 13 රාත්‍රී 11.00 ට පමණ හම්බන්තොට මහ රෝහලේදී මියගොස් තිබේ.


උණ, සෙම්ප්‍රතිෂ්‍යාව වැළදීමෙන් 13 වන දින රෝහලට ඇතුළත් කළ ඇය එදිනම මියයාම හේතුවෙන් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් කොරෝනා මරණයක්ද නැද්ද යන්න තහවුරු කරගැනීමෙන් පසු අවසන් කටයුතු කිරීමට නියමිතය.

මෙම කාන්තාව ඊයේ (13 වැනිදා) සවස 1990 සුවසැරිය ගිලන්රථ සේවාව මගින් තංගල්ල මූලික රෝහලට ඇතුලත් කර තිබේ. පසුව කොරෝනා රෝග ලක්ෂණ පැවති හෙයින් සැක කොට විනාඩි 30 කට පසු හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී 13 වන දින රාත්‍රී 11.00 ට පමණ මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මියගිය සයදරු මව තංගල්ල මූලික රොහලේ 19 වන වාට්ටුවේ විනාඩි 30 ක් පමණ කාළයක් ඇතුලත් කර සිටි බවත්, තංගල්ල මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
(ආරියදාස කොඩිතුවක්කු)