නව කොරෝනා වෛරසය හේතුවෙන් බොහෝ රටවල් විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටියි. මෙම අවස්ථාව වන විට ඇතැම් ධනවත් පුද්ගලයින් මෙම නව කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා වියදම්
කිරීම වෙනුවෙන් බොහෝ අරමුදල් පිහිටුවා තිබේ. අනුනම හැවැරිදි කපිතාන් ටොම් මුවර්ද NHS සදහා අරමුදල් රැස් කිරීමේ කාර්යයේ යෙදී සිටින බවට විවිධ ආරංචි පළවිය.
ටොම් මුවර් මෙසේ අරමුදල් රැස් කිරීමේ කටයුත්තෙහි නියැළී සිටින්නේ නව රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා සහයෝගය දැක්වීමේ අරමුණෙනි. මේ වන විටත් ඔහු ඩොලර් දහස් ගණනක මුදලක් NHS වෙනුවෙන් පරිත්‍යාග කොට තිබේ. ඔහු මෙම කාර්යය සිදු කරන්නේ සමාජ මාධ්‍ය වල සහයෝගයද ඇතිවයි. කෙසේ වෙතත් මෙම උත්සාහය අගය කරමින් බොහෝ දෙනා ඔහුට සුබපතා තිබේ. එමෙන්ම ටොම් මේ වනවිටත් ඩොලර් ලක්ෂ අනූවක් මෙම අරමුදල වෙනුවෙන් සොයාගෙන ඇත. එමෙන්ම පියර්ස් මෝගන් විසින් සදහන් කර තිබෙන්නේ කපිතාන් ටොම්ට නයිට් පදවියක් පිරිනැමීම වඩාත් සුදුසු වන බවයි.
පියර්ස් මෝගන් විසින් වරෙක පවසා තිබුණේ ඔහු මේ වනවිට ඩොලර් මිලියන පහේ සීමාව පසුකර සිටිය බවයි. එසේම මේ වන විට ඩොලර් මිලියන නමයක් උපයා ගන්නට ඔහු සමත් වී ඇති බවත් පියර්ස් විසින් සඳහන් කර තිබේ. කෙසේ වෙතත් ටොම්ගේ මෙම ක්‍රියාව ප්‍රශංසාවට ලක් කළ යුතුයි. වයස අවුරුදු අනූ නවයක් වන ටොම් මුවර් මෙවන් කටයුත්තකට මුල පිරිම බොහෝ දෙනාට ආදර්ශයක් සපයන බව විද්වතුන් පවසා තිබේ. එසේම ටොම් මුවර්ගේ මෙම සමාජ සත්කාරයට බොහෝ දෙනා තම සහයෝගය පළ කර තිබෙන බවත් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
කෙසේවෙතත් දෙවන ලෝක සංග්‍රාමයේ දී ද තම රට වෙනුවෙන් සේවය කළ මෙම කපිතාන්වරයා සතියක් ඇතුළත NHS වෙනුවෙන් ඩොලර් මිලියන හතරකට වඩා වැඩි මුදලක් උපයාගෙන ඇති බව දැනගන්නට ලැබුණි. ඔහු රට වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් නයිට් වරයකු ලෙස ඔහුව නම් කර තිබීම ද විශේෂත්වයක් ලෙස හදුන්වාදිය හැක. එසේම බොහෝ දෙනා පවසා තිබුණේ ටොම් මුවර්ට මෙම නයිට් පදවිය ලබා දීම පිළිබඳව තම සතුට ප්‍රකාශ කරන බවයි.
ඔහු මෙම සමාජ සත්කාරයේ යෙදීමේදී ඔහුගේ නිල ලාංඡනද පැළඳ සිටින ආකාරය රූප රාමුවලින් පෙනෙන්නට තිබේ. තමන්ගේ වයස පිළිබඳව නොසිතා සමාජ සත්කාරයක් වෙනුවෙන් අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරන මෙම ටොම් මුවර්ට සියලු දෙනාගේ ප්‍රශංසාවද හිමිව තිබේ. දෙවන ලෝක සංග්‍රාමය ආරම්භයේදී රෙජිමේන්තු සන්නද්ධ බලකායට බදවා ගත් ඔහු 1940 දී නිලධාරී පුහුණුව සදහා තෝරාගත් අතර පසුව කපිතාන් තනතුරක් ලබා ගැනීමට සමත් වී තිබේ. ඔහු දෙවන ලෝක යුද සංග්‍රාමයේදී මෙන්ම සමස්ත ලෝකයම විශාල අර්බුදයකට පත්ව සිටින මෙම වසංගත තත්ත්වය හමුවේ ද තමන්ගේ සේවය මේ ආකාරයෙන් ඉටු කිරීමට දායක වීම අප සැබැවින්ම අගය කළ යුතුය. එමෙන්ම මෙවන් උතුම් මිනිසුන්ගේ ආදර්ශයන් ලොවපුරා සිටින ජනතාව තමන්ගේ ජීවිතවලට එක්කර ගතහොත් අපට ඉතා ඉක්මනින් මෙම නව කොරෝනා වෛරස මාරයාගෙන් බේරී සමස්ත ලෝකයම ආරක්ෂා කර ගැනීමට හැකිවනු ඇත.
- රිෂ්මි ඉෂාරා -