මොවුන් නිධානයක් හාරමින් සිටින බවට ගම්වාසින්ගෙන් ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරින් විසින් එම ස්ථානයට ගොස් පරික්ෂාකොට ඇත.
අලවංගුව හා මොවුන් පැමිණි කාර්රථයද පොලිස් බාරයට ගෙන ඇත.හිමිනම කඩුවෙල ප්රදේශයේ විහාරස්ථානයක වැඩවසන අතර අනික් සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙක් අහංගම ප්රදේශයේ පදිංචිකරුවන් වෙති අනික් දෙදෙනා නුගෙගොඩ හා කදාන ප්රදේශයේ පදිංචිකරුවන් වෙති.
මොවුන් මෙම ප්රදේශයේ නිවසක මාසයක පමණ කාලයක සිට පදිංචිව සිට ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
සැකකාර හිමි නම හා අනික් සැකකරුවන් සිව්දෙනා අද (19) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි