පන්නිල ග්‍රාමයේ පවුල් 51 පුද්ගලයන් 140 දෙනෙකු නිරෝධායන කටයුතු වලට සිය කැමැත්තෙන් එක්වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍යවරුණ සෙනෙවිරත්න මහතා අද (01) පැවසීය.
මෙම ආසාදිතයන් හමුවීමත් සමඟ පන්නිල හා ඒ අවට තවත් ගම් හතරක් වසා දැමීමට බේරුවල ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය යටතේ සෞඛ්‍යය හා ආරක්ෂක අංශ ක්‍රියාත්මක කර එම ප්‍රදේශ ආවරණය වන පරිදි යුධ හමුදා ආරක්ෂාව සහ පොලිස් ආරක්ෂාව යොදවා ඇතැයි කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතා පැවසීය .
බේරුවල ප්‍රදේශයේ යුද හමුදාව 150 ද පොලිසිය 40 දෙනකු ද යොදවා, ආසාදිතයන් ගැවසී ඇති බවට හඳුනාගත් ප්‍රදේශවලට පිටස්තර අයට ඇතුළත් වීමට සහ පිටවීමට නොහැකි වන පරිදි ආරක්ෂාව තර කර තිබිණ.
නිරෝධායනට එක්කල පිරිස යුද හමුදාව විසින් බස්රථ වල නංවා රැගෙන යාමට කටයුතු කළ බව බේරුවල පොලිසිය පැවසීය