වෛරස මාරයාගෙන් මිදී සුවය ලබාගැනීමට වාසනාව උදාකරගෙන තිබේ. සැබැවින්ම නව කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයෙකුට නැවතත් එම වෛරසය වැළදීමේ අවදානමක් තිබේ ද? මෙම ප්රශ්නය බොහෝ දෙනෙක්ට ප්‍රධාන ගැටලුවක් බවට පත්වී ඇත්තේ මේ අවස්ථාව වන විට දකුණු කොරියාවෙන් වාර්තා වූ දෙවන වරට කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයන් සංඛ්‍යාව පිළිබඳව එරට රජය විසින් වාර්තා කිරීමත් සමගිනි.
එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි සැක සහිත රෝගීන් පරික්ෂා කිරීම සඳහා අදාල සාම්පල ලබා ගන්නා ක්‍රමවේදයන් නිවැරදි ආකාරයෙන් අනුගමනය කිරීමට සියළු රාජ්‍යයන් වගබලා ගත යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ප්‍රකාශය නිකුත් කිරීමත් සමඟ නව කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන්ට සාමාන්‍ය ජීවිතයට නැවත පැමිණිය හැකිද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත.
කෙසේ වෙතත් දිනෙන් දින මෙම නව කොරෝනා ආසාදියන්ගේ ප්‍රමාණය වර්ධනය වන බව අපට දක්නට ලැබේ. ඉරිදා දිනය වනවිට දකුණු කොරියාවෙන් වාර්තා වී ඇත්තේ නව රෝගීන් විසි පස් දෙනෙක් පමණයි. නමුත් එදිනම එක්සත් ජනපදය තුලදී නව රෝගීන් විසිපන්දහහක් සොයාගැනීමත් සමග මෙම වසංගතය පිළිබඳව තවදුරටත් දකුණු කොරියාවේ අවධානය යොමු විය. එමෙන්ම රොයිටර් පුවත් සේවයට අනුව සමාජයෙන් දුරස්වීම ලිහිල් කිරීමෙන් ආපසු දැවැන්ත ප්‍රතිවිපාක අත්විඳීමට අපට සිදුවනු ඇත.
දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ද පසුගිය දිනෙක පැවැත්වීමට එරට රජය තීරණය කර තිබුණි. එහිදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ඡන්දදායකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂාවක් සිදු කෙරෙන අතර ඔවුන්ට උණ වැළඳී ඇත්නම් වෙනම ඡන්ද ස්ථානයකට ගෙන යාමට එරට රජය කටයුතු කර තිබේ. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය විශේෂඥයින් පවසන පරිදි කොවිඩ් 19 වෙතින් සුවය ලැබූ පසු ඔවුන් අවම වශයෙන් යම් කාලයක් ඒ සඳහා ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබා ගත යුතුයි. නමුත් නව කොරෝනා වෛරසය දෙවන වරටත් ආසාදනය වීමේ බරපතළ අවදානමක් තිබියදී දකුණු කොරියාව මෙවන් මැතිවරණයකට එළඹීම කිසිසේත් අනුමත කළ නොහැකි බව බොහෝ විද්වතුන් පවසා තිබේ.
කෙසේ වෙතත් මේ අවස්ථාව වන විට දකුණු කොරියාව මෙන්ම ලොව පුරා රටවල් කිහිපයකින්ම දෙවන වරටත් නව කොරෝනා ආසාදනය වූ ආසාදිතයන් පිළිබඳව වාර්තා වී තිබේ. එබැවින් මෙම නව කොරෝනා වෛරසය සුළු වශයෙන් නොතකා දැඩි අවධානයකින් යුතුව ආරක්ෂාකාරීව ඊට මුහුණ දීමට සියලු රාජ්‍යයන් වගබලා ගැනීම අතිශයින් වැදගත් වේ.
- රිෂ්මි ඉෂාරා -