මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පැතිර යාම ආරම්භ වීමත් සමඟ, මහජනයා නිතර නිතර ගැවසෙන කේන්ද්‍රීය ස්ථානවල කඩිනමින් ප්‍රජා අත් සේදීමේ ඒකක ස්ථාපනය කිරීමට ඩෙටෝල් යුහුසුඵ වූ අතර මේ අත් සේදීමේ ඒකක විෂබීජ වලින් සම්පූර්ණයෙන්ම තොර වීමට
නිවැරදිව දෑත් සෝදන ආකාරය පිළිබඳව රූපමය අවවාදවලින්ද යුතු විය.
මෙම ඒකක අංගොඩ බෝවන රෝග රෝහල,
කොළඹ ජාතික රෝහල, කොළඹ දකුණු ශික්ෂණ රෝහල, මීගමුව මහ රෝහල, රාගම ශික්ෂණ රෝහල, මාරවිල රෝහල, මුල්ලේරියාව රෝහල සහ අනුරාධපුර රෝහල යන රෝහල්වල ස්ථානගත කර ඇත. ඊට අමතරව, ඇඳිරි නීතිය පැනවීමට පෙර කොටුව, මරදාන, ගම්පහ, දෙමටගොඩ සහ වේයන්ගොඩ දුම්රිය හා බස් නැවතුම්පොළවල අත් සේදුම් ඒකක ස්ථාපනය කිරීමටද කටයුතු යොදා තිබිණි.
“පිරිසිදු දෑතින් හදමු පිරිසිදු රටක්” වැඩසටහන යටතේ, මේ වන විට රුපියල් මිලියන 3 කට වඩා වැඩි මුදලක් මධ්‍යම ස්ථානවල අත් සේදුම් ඒකක ස්ථාපනය කිරීම සහ රෝහල් වෙත සනීපාරක්ෂක නිෂ්පාදන පරිත්‍යාග කිරීම සඳහා යොදවා තිබේ.