උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් මේ වන විටත් ජීවිතක්ෂයට පත් වී හෝ අසාධ්‍ය ලෙස රෝගාතුර වී ඇතැයි ඇතැම් බටහිර මාධ්‍ය සහ දකුණු කොරියානු ඔත්තු සේවා විශ්වාසය පළ කර තිබේ.
තම අසල්වැසියා සහ දිගුකාලීන සගයකු වන උතුරු කොරියාවට
උදව්වට චීනය වෛද්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු කණ්ඩායමක් යවා ඇති බව රොයිටර් පුවත් සේවය සෙනසුරාදා වාර්තා කළේය.


මේ අතර, උතුරු කොරියානු පාලකයින් විසින් දිගු කලක් භාවිතා කරන ලද  දුම්රියක් පසුගිය සතියේ වොන්සාන් හි මණ්ඩපයක් අසල නවතා තිබූ බව 38 නෝර්ත් නමැති වෙබ් අඩවිය ඉරිදා නිකුත් කළ චන්ද්‍රිකා නිරූපණ විශ්ලේෂණයකට අනුව පෙන්නුම් කළ අතර එහි පැවසුනේ  හෘද සැත්කම්වලින් පසු අසාධ්‍ය තත්ත්වයේ පසුවන උතුරු කොරියානු නායකයා ආරක්සා සහිතව එම දුම්රිය මැදිරියක ප්‍රතිකාර ලබමින් පසුවන බවයි.
මෙම පුවත මේ වනවිට බ්‍රිතාන්‍ය මාධය තුළද සත්‍ය තොරතුරක් ලෙස පිළිගෙන වාර්තා ඉදිරිපත් කර තිබේ.

36 හැවිරිදි පාලකයා ගැන ඇමරිකා එක්සත් ජනපද ඔත්තුකරුවන් පැවසුවේ හෘද සැත්කම්වලින් පසු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව මිස මියගියා යනුවෙන් නොවේ.

කිම් - 2011 දී බලයට පත්වූ අතර අධික දුම් පානය කරන්නෙකු ලෙස ප්‍රකටය. ඔහුට විවිධ රෝග තත්වයන් තිබූ බවට වාර්තා තිබුණි.ඔහු සති දෙකක කාලයක් රාජ්‍ය මාධ්‍යවල පෙනී නොසිටි අතර, ඔහුගේ අභාවප්‍රාප්ත සීයා, රාජ්‍ය නිර්මාතෘ කිම් ඉල් සුං වෙනුවෙන් ප්‍රථම වරට අප්‍රේල් 15 උපන්දින සැමරුම් මඟ හැරියේය.
හදිසි මියයාමකදී අනුප්‍රාප්තිකයෙකු නොමැති කිම්ගේ දැඩි පාලන අධිකාරිය සහ පෞරුෂත්වයේ සංස්කෘතියක් මත ගොඩනගා ඇති පාලන තන්ත්‍රය මෙවැනි කඩාවැටීමකදී විශාල පෙරළියක් ඇති කරනු ඇතිය යන්න ජාත්‍යන්තර විශ්ලේෂණයයි.
හදිසියේ කිම් මියයන්නේ නම් ආරංචි මාර්ග අනුව උතුරු කොරියාවේ නායකත්වය ලබා ගැනීමට වැඩිම නැඹුරුවක් ඇත්තේ උන්ගේ බාල සොහොයුරිය වන කිම් යෝ ජොන්ටය. නායක උන් ට දරුවන් තිදෙනකු ඇතැයි විශ්වාස කරන අතර බාලම දරුවා උපත ලබා ඇත්තේ 2017 වසරේ වන අතර වැඩිමහල් දරුවාගේ වයස අවුරුදු 10කි. භාරකාරත්වයක් යටතේ මේ දරුවකුට රටේ නායකකම ලබාදෙනු ඇතැයි ද තවත් විශ්වාසයක් පවතින අතර හමුදාවේ දේශපාලන අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ චොයි ර්යොන්ග් හායි ට නායකත්වය හමුවනු ඇතැයි ද තවත් මතයක් තිබේ.