අවදි වීම සම්බන්ධයෙන් පළවෙන පුවතක් කෙරෙහි අපගේ අවධානය යොමු විය. මෙය සිදුව ඇත්තේ පැරගුවේ රාජ්‍යයේය.
වෛද්‍යවරයා විසින් රෝගියා මිය ගිය බව සඳහන් කරමින් ඇයගේ අවසන් කටයුතු සිදුකිරීමට පවා අවස්ථාව උදා කර තිබියදී ජීවතුන් අතර සිටි කාන්තාවකට එම අවස්ථාව කෙසේ දැනෙන්නට ඇති ද? අවමංගල්‍ය සම්බන්ධ කටයුතු සිදු කරමින් ඇගේ ශරීරය ඊට සූදානම් කිරීමට සැරසුණු අවස්ථාවේ එම කාන්තාව මෙසේ අවදි වී තිබේ.
dailymail.co.uk වාර්තා වලට අනුව ඩිම්බ කෝෂ පිළිකා රෝගියෙකු වන රොඩ්රිගුස් නම් කාන්තාව ඇගේ අධි රුධිර පීඩනය හේතුවෙන් මෙසේ මරණයට පත්ව තිබෙන බව වෛද්‍යවරුන් පවසා තිබේ. කෙසේ වෙතත් සෙනසුරාදා දින ඇයව පැරගුවේහි කෝරනෙල් ඕවර්ඩෝ නුවර සැන් ෆර්වනැන්ඩෝ රෝහලේ සායනයක් සඳහා ඇතුළත් කර තිබේ. ඒ සඳහා මෙම කාන්තාව පෙරවරු 9.30 ට පමණ රෝහලට ඇතුළත් කර ඇති අතර වෛද්‍ය වේරා ඇයව පරීක්ෂා කර තිබේ.
කෙසේ වෙතත් මෙම රෝගී කාන්තාවගේ පවුලේ පිරිස දෝෂාරෝපණ එල්ල කරමින් පවසා ඇත්තේ රෝගියාව නැවත ජීවත් කිරීමට උත්සාහ කරනවා වෙනුවට වෛද්‍යවරුන් ව්‍යාජ ලෙස මෙසේ ඇය මරණයකට පත් කර ඇති බවයි. ඇයගේ මරණ සහතිකයද තමන්ගේ අතට ලැබුණු බවත් ඇයව නැවත බේරා ගැනීමට කිසිදු උත්සාහයක්වත් මෙම වෛද්‍යවරිය ඇය වෙනුවෙන් සිදු කර නොමැති බවත් පවසමින් රෝගියාගේ ස්වාමිපුරුෂයා දොස් දොස් නගන්නේ තමන් මේ හේතුවෙන් අතිශය කණගාටුවට ද පත් වන බව ප්‍රකාශ කරමිනි. එමෙන්ම වෛද්‍යවරුන් කෙරෙහි විශ්වාසය තබා ඇයගේ අවමංගල්‍ය කටයුතු සිදුකිරීමට අවමංගල්‍ය ශාලාව වෙත ද ඇයව ගෙන ගිය බව ඔහු පවසන්නේ ඉතා සංවේදී අයුරිනි.
කෙසේ වෙතත් අපට පැහැදිලි වන්නේ මෙය සැබැවින්ම වෛද්‍යවරියගේ නොසැලකිලිමත්කම හේතුවෙන් සිදුවූ සිදුවීමක් බවයි. ජීවිතය බේරා ගැනීමට හැකිව තිබියදීත් රෝගියකු මෙසේ මරණයට පත් වූ බව පැවසීම අතිශයින් කනගාටුදායක තත්වයකි. කෙසේ වෙතත් වෛද්‍යවරයෙකු රෝගීන් පරීක්ෂාකිරීමේදී තමන්ගේ දැඩි අවධානය රෝගියා කෙරෙහි යොමු කළ යුතු බව මේ පුවත තුළින් දැඩිව අනාවරණය කරයි.
- රිෂ්මි ඉෂාරා -