මේ වන විට කොළඹ, ගම්පහ,කළුතර සහ පුත්තලම යන දැඩි අවදානම් සහිත කලාපවල පවා වෛරසය පැතිරීම සිදු නොවන බව අදාළ ආයතන විසින් දැනුම්දී ඇතැයි කී ඇමැතිවරයා එම නිසා ප්‍රවාහනය, දිස්ත්‍රික් අතර හුවමාරුව, වෙළඳසල් විවෘත කිරීම ගැනද සෑම අංශයක් සමගම වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කර ඇතැයි වැඩිදුරටත් සඳහන් කළේය.
ඔහු සඳහන් කළේ අප රට කොරෝනා පාලනයේදී පෙරට වඩා දැන් හොද තැනක සිටින බවත් රට විවෘත කිරීමේදී “වක්කඩ කැඩුවාමෙන්” විවෘත නොකරන බව ද ඔහු පෙන්වා දුන්නේය.