ආයතන ක්‍රියාකාරිත්වය පිළිබද සවිස්තරාත්මක සැලසුම් සෞඛ්‍ය අංශවලට ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙනු ලැබිණ.
පොදු ප්‍රවාහන කටයුතු නියමිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් පවත්වාගෙන යාමේ වැදගත්කම ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. කාර්ය මණ්ඩලවලට ප්‍රවාහන සේවා සැපයීමේ දී ඒ ඒ ආයතනවල සුබසාධන සංගම් සමග එක්ව සැලසුම් කිරීමේ හැකියාව එතුමා පෙන්වා දුන්නේය.
ආයතන පවත්වාගෙන යාමේදී සේවක සංඛ්‍යාව තීරණය කිරීම සේවාවන් අඩාල නොවන ආකාරයෙන් සිදු විය යුතුය. ආයතනික ව්‍යුහය අනුව සේවා මුර තීරණය කළහැකිය. සේවයට වාර්තා කිරිමේ වේලාව නියමයක් ලෙස නොගෙන ආයතනික අවශ්‍යතාව මත නිර්ණය කළ යුතුය.
නිවසේ සිට වැඩ කිරීමේ දී ඇතැම් ආයතන පුළුල් පරාසයක සේවා සපයා ඇත. එය ඉදිරියට ගෙන යමින් ඊ-මේල් සහ කෙටි පණිවිඩ භාවිතයෙන් තොරතුරු ලබා ගැනීමටත් ඒවාට පිළිතුරු ලබාදීමටත් ඊට නෛතික භාවයක් දෙන ලෙසත් ජනාධිපතිතුමා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.
හැඳුනුම්පත්, ගුවන් ගමන් බලපත් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉදිරි කාර්යයන් ද සාකච්ඡාවට ලක් කෙරිණි. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ නිර්දේශ මත ග්‍රාමීය ප්‍රදේශවල තෝරාගත් පාසල් විවෘත කිරීමේ හැකියාව සොයා බැලීමට ද තීරණය කෙරිණ. එහිදී ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ සෞඛ්‍ය ආශ්‍රිත ගැටලු කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.
මී උණ සහ ඩෙංගු වැනි රෝග ආශ්‍රිතව ඉදිරියේ දී පැන නැගිය හැකි සෞඛ්‍ය ගැටලු ගැන දැඩි අවධානය යොමු කරන්නැයි ජනාධිපතිතුමා දැනුම් දුන්නේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය