2020 මැයි මස 18 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි.
දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ප්රචණ්ඩ සුළි කුණාටුව (“අම්ෆන්”) මේ වනවිට ඉතා ප්රචණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇත. එම පද්ධතිය, 18 වන දින පෙ.ව. 05.30 වන විට ත්‍රිකුණාමලය සිට කි.මී 765 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ
13.2 ත් නැගෙනහිර දේශාංශ 86.3 ත් ආසන්නව මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගතව පවතී. මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුලදී අතිප්‍රචණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ යයි අනුමාන කෙරේ. මෙය උතුරට බරව ඊසාන දෙසට හැරී 20 වන දින අපරභාගය වන විට බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ.
දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට 150 mm ඉක්මවූ ඉතා තද වැසිද ඇති විය හැක.
උතුරු සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.