පියවර ගෙන ඇත.
මීට අමතරව අනෙකුත් මහ පරිමාණ සහල් මෝල් හිමියන් වන නිපුණ සහ රත්න සහල් ආයතනද පරීක්ෂා කිරීමට පාරිභොගික අධිකාරිය පියවර ගෙන තිබේ.
මෙහිදී රජයේ පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන බවට චෝදනාවක්ද පාරිභෝගික අධිකාරිය විසින් මහාපරිමාණ සහල් මෝල් හිමියන් වෙත එල්ල කොට තිබිණ.
මෙම වැටලීමේදී ඩඩ්ලි සිරිසේන මහතා කාර්යාලයේදී අදාළ නිලධාරීන්ට ඔහුගේ පරිගණක ඔස්සේ තමන් සතු ඇති තොග පෙන්වූ නමුත් එම දත්ත අනුව වරදකට හසුවූයේ නැත. එහි තොග තිබුනේ අඩුවෙනි.
අනතුරුව මාධ්‍ය ඇමතූ ඩඩ්ලි සිරිසේන මහතා කියා සිටියේ මේවා මාධ්‍ය සංදර්ඹන බවත් පොළොන්නරුවේ රොෂාන් රණසිංහ හා නාමල් කරුණාරත්න තමන්ට එරෙහිව කරන වැරදි චෝදනා බවයි.