මහ මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් හෙට (02) පැවැත්වීමට නියමිතයි.


හෙට උදෑසන 11.15ට මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව කොමිසමේ නියෝජිතයෙක් සඳහන් කළේය.

රට තුළ පවතින කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හමුවේ මැතිවරණය පැවැත්විම ජුනි 20 වන දින දක්වා කල් දමා ඇති පසුබිමක එය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව කොමිසමේ නියෝජිතයින් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවන දෙවන අවස්ථාව මෙයයි.

කෙසේවෙතත් පවතින සෞඛ්‍ය වාතාවරණය හමුවේ එක් දේශපාලන පක්ෂයකින් එක් නියෝජිතයෙකුට පමණක් මෙම සාකච්ඡාව සදහා සහභාගී වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් ද සිදුකර තිබෙයි.