ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) දැන් ප්‍රකාශ කර තිබෙන්නේ සෞඛ්‍ය සේවාවන්වල හවුල් වන පුද්ගලයන් හැර අනෙකුත් පුද්ගලයන් මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය වන්නේ ඔවුන් තුළ Covid-19 රෝග ලක්ෂණ තිබෙනවා නම් හෝ එවැනි රෝග ලක්ෂණ තිබෙන තැනැත්තෙකුව බලාගන්නවා නම් පමණක් බවය. කොහොම නමුත් පොදු ස්ථානවලදී මුහුණු ආවරණ පළඳින ලෙස
නිර්දේශ කරන රටවල් ගණන දැන් එන්න
එන්නම ඉහළ යයි. අලුතින් ලැබී තිබෙන සාක්ෂි අනුව එහි අවශ්‍යතාවය පිළිබඳව WHO විසින් යළි සලකා බලමින් පවතියි.
එංගලන්තයේ නියෝජ්‍ය වෛද්‍ය නිලධාරී සහ වසංගත විද්‍යාව හා වසංගත පෙර සූදානම පිළිබඳ විශේෂඥ ජොනතන් වැන් ටැම් අප්‍රියෙල් 3වෙනිදා මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසුවේ, “අපේ සමාජය තුළ රෝගය ව්‍යාප්ත කිරීමට දායක වන පොදු ජනයා නිකම්ම මුහුණු ආවරණ පැළඳීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. දැන් කළ යුතු වැදගත්ම දෙය වන්නේ සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමය” කියාය.
“නව කොරෝනා වෛරසය හේතුවෙන් මතු වී තිබෙන ගැටලුව වන්නේ එය සැබවින්ම ව්‍යාප්ත වන ආකාරය පිළිබඳ තිබෙන තොරතුරු ඉතා සීමිත වීමය” මහාචාර්ය ඇලෙක්සැන්ඩර් එඩ්වඩ්ස් පවසයි. එහි ව්‍යාප්තිය සාර්ථක වීමට හේතු වී තිබෙන්නේ කැස්ස, කිවිසුම් යෑම හෝ සමාජ සබඳතාද නිශ්චිතව අප නොදන්නා බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.
වෛරසය සම්ප්‍රේෂණය වන ආකාරය අධ්‍යයනය කිරීමේ අරමුණින් පුද්ගලයෙකුව වෛරසයට නිරාවරණය කිරීම සදාචාරාත්මක කාරණයක් නොවෙයි. ඒ වෙනුවට ජීව විද්‍යාඥයන් විසින් ඒ සඳහා වෙනත් ක්‍රම අනුගමනය කළ යුතුය. කැස්ස සහ කිවිසුම් යෑමේදී පිට වන බිඳිති පිළිබඳව තොරතුරු රැස් කිරීමට MIT විසින් සිදු කර තිබෙන පරීක්ෂණයකදී අධිවේගී කැමරා යොදාගන්නා ලදි. ඔවුන් විසින් සොයාගනු ලැබුවේ කැස්ස ඇති වීමේදී සහ කිවිසුම් යෑමේදී පිට වන හුස්ම මගින් පිළිවෙලින් මීටර 6ක් සහ 8ක් දුර බිඳිති රැගෙන යන බවය. විසිරෙන අංශු පිළිබඳ අධ්‍යයනය කරන විශේෂඥයෙකු වන වෛද්‍ය බොරිස් ගොබනව් විසින් සොයාගනු ලැබුවේ කැස්ස ඇති වීමේදී පිටවන බිඳිති සුළං මගින් මීටර 25ක් තරම් දුර ගෙන යා හැකි බවය.
හොං කොං විශ්වවිද්‍යාලයේ සමීක්ෂකයන් සහ මේරිලන්ඩ් විශ්විවිද්‍යාලය විසින් මෙම පරීක්ෂණය සඳහා තවත් ක්‍රමයක් අනුගමනය කරන ලදි. මෙම අධ්‍යයනය සඳහා ඔවුන් යොදාගත්තේ වෙනත් වර්ගවල කොරෝනා වෛරස වැළඳී සිටින රෝගීන්වය. මුහුණු ආවරණයක් පැළඳ සිටි විට සහ මුහුණු ආවරණයක් පැළඳ නොසිටි විට ඔවුන්ගෙන් පිට වන හුස්ම තුළ තිබෙන බිඳිති සමීක්ෂකයන් විසින් එකතු කරගන්නා ලදි. ඉන්පසුව ඒ තුළ වෛරස පිටපත් කීයක් තිබේදැයි ගණන් බැලීය. මුහුණු ආවරණයක් පැළඳ නොසිටි විට කොරෝනා වෛරස රෝගීන් 10දෙනෙකුගෙන් 3දෙනෙකුම ප්‍රාශ්වාස කළ වාතය තුළ හඳුනාගත හැකි තරම් වෛරස ප්‍රමාණයක් තිබූ අතර මුහුණු ආවරණය පැළඳ සිටි අවස්ථාවේදී එසේ නොතිබුණි.
“මුහුණු ආවරණය මගින් කොපමණ ප්‍රමාණයක් ව්‍යාප්ත වීම පාලනය වෙනවාද කියා අප නොදැන සිටියද මුහුණු ආවරණ පැළඳීම හොඳ අදහසක්ය” එඩ්වඩ්ස් පවසයි.
“මිනිසුන් මුහුණු ආවරණ පැළඳීමට එක් හේතුවක් වන්නේ එසේ කිරීම මගින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විය හැකියැයි සිතීමය. නමුත් වෛරසය අවට වාතයේ පා වෙමින් පවතින්නේ නැත” පිරිසිදුකම සහ ඖෂධ පිළිබඳ ලන්ඩන් පාසැලේ වෛද්‍ය ශුන්මේ යූං BBC වෙත ප්‍රකාශ කළේය. “වෛරසය ආසාදනය වී තිබෙන පුද්ගලයෙකු සමඟ අතට අත දුන්නොත් එම වෛරසය බොහෝ විට මගේ අතට එනවා. ඉන්පසු මම එම වෛරසය මගේ මුහුණට රැගෙන එනවා. ඒ ආකාරයට වෛරසය සම්ප්‍රේෂණය වෙනවා.”
මුහුණු ආවරණයක් පැළඳි පමණින්ම ඔබට වෛරසය සම්ප්‍රේෂණ වීමේ හෝ ඔබ වෛරස සම්ප්‍රේෂණය කිරීමේ අවධානම අඩු වන්නේ නැත. “ඇතැම් මුහුණු ආවරණ නිපදවා තිබෙන්නේ ඔබ ප්‍රාශ්වාස කරද්දී සාමාන්‍ය ලෙස හුස්ම පිට වීමටත් ආශ්වාස කිරීමේදී එම වාතය පෙරීමකට ලක් වන ආකාරයටත් කියා මතක තබාගන්න” එඩ්වඩ්ස් පවසයි. මුහුණු ආවරණයක් පැළඳීම මගින් ඔබට තිබෙන අවදානම අඩු විය හැකි වුවත් මුහුණු ආවරණයක් පැළඳි පමණින් ඔබ සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව ඉන් අදහස් නොවේ. හොඳම මුහුණු ආවරණය පවා සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමට සහ පිරිසිදුකම පවත්වාගැනීමට ආදේශකයක් නොවේ.
“මුහුණු ආවරණ පැළඳීමේ ප්‍රයෝජනයක් නැහැ කියා මම කියන්නේ නැහැ. නමුත් මුහුණු ආවරණ මැජික් බලයක් තිබෙන ආවරණයක් ලෙස නොසැලකිය යුතුයි” එඩ්වඩ්ස් පවසයි.
එමනිසා මුහුණු ආවරණයක් පැළඳ සිටියද ඒ මත රඳා නොසිට ඔබේ ආරක්ෂාව සහ ඔබ අවට සිටින පුද්ගලයන්ගේ ආරක්ෂා පිළිබඳ සැලකිලිමත් වන ලෙස එඩ්වඩ්ස් ඉල්ලා සිටියි. ගත හැකි වැදගත්ම ක්‍රියාමාර්ගය වන්නේ ඔබට රෝග ලක්ෂණ තිබේ නම් පිටතට යෑමෙන් වැළකී සිටීමය.
(BBC Focus Science ඇසුරිනි)
එස්. දහනායක
[May25, 2020 - Gossiplankanews.com]