විදේශගත රට වැසියන් ගෙන්වා ගැනීමේ කාර්යයේ යෙදී සිටින එයාර් ඉන්දියා ගුවන් ගමන් වලදී යානාවන්හි මැද අසුනෙන් ඉවත් කිරීම එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ලක් කරන නඩුවක් දක්වා දුරදිග ගොස් තිබේ. මෙයට හේතුවී ඇත්තේ සෞඛ්‍ය අංශ මගින් දුරස්ථභාවය සම්බන්ධයෙන් දක්වා ඇති කොන්දේසිය.
මධ්‍යම ආසනය හිස්ව තබන ලෙස මහාධිකරණය පසුගිය සතියේ එයාර් ඉන්දියාට නියෝග කර තිබුණි.

එයාර් ඉන්දියා සමාගම තම වාසිය තකා සියලු අසුන් පුරවන්නට උත්සාහ කරන බව සෞඛ්‍ය අංශ පැමිණිල්ල ගොනු කරමින් දන්වා ඇත.
කෙසේ වෙතත් සංසිද්ධිය සම්බන්ධයෙන් එයාර් ඉන්දියා සමාගම පෙත්සමක් ගොනු කළේය
 අගවිනිසුරු එස්.ඒ. බොබ්ඩේ නිසි විසඳුමක් එක්වරම අද දිනයේ ලබාදී නැති අතර එයාර් ඉන්දියා සමාගමට ඉදිරි දින 10 සඳහා මැද ආසනය වෙන්කරවා ගැනීමට තාවකාලිකව අවසර දී තිබේ.  අගවිනිසුරුවරයා කියා සිටියේ, "සියලු පාර්ශවයන්ගේ තර්ක විභාග කිරීමෙන් අනතුරුව මේ පිළිබඳව නැවත සලකා බලා අතුරු තීන්දුවක් ලබා දෙන ලෙස අපි බොම්බේ මහාධිකරණයෙන් ඉල්ලා සිටිමු." ලෙසිනි.


විදේශයන්ගෙන් ආපසු පැමිණීම හේතුවෙන් විදේශගතව සිටින ඉන්දියානුවන් ආපසු ගෙන්වා ගැනීම සඳහා වන්දේ භාරත් මෙහෙයුම යනුවෙන් සංවිධානාත්මක ව්‍යාපෘතියක් රජය මැයි 6 වන දින සිට දියත් කර තිබුණි.
වන්දේ භාරත් මෙහෙයුම යටතේ එයාර් ඉන්දියා ගුවන්යානා වලින් මේ වන විට 30,000 ක් දෙනා එරටට ආපසු පැමිණ ඇත.