ජූනි මස 05 සහ 06 යන දෙදිනට යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් දිවයිනේ පිහිටි සියළුම
මත්පැන්හල් වසා තැබීමටත්,
සුපිරි වෙළදසැල් වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නියෝග කර තිබෙනවා.
එමෙන්ම අමතරව මස් මාංශ අලෙවිසැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරිම නැවත්වීමට කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙනවා.