ඉන්දියාව නව කොරෝනා වෛරසය හේතුවෙන් අගුලු දැමීමේ කාලසීමාව දීර්ඝ කර තිබෙන පසුබිමක
ඉන්දීය ක්‍රිකට් ලෝක කුසලානය දිනන්නේ නම් නිරුවත් වන බවට ඔට්ටු ඇල්ලීම නිසා ප්‍රසිද්ධ වූ නිරූපිකාවක වන පූනම් පාණ්ඩේ ගැන අලුතින් කථාබහක් මතුව තිබේ.
පූනම් පාන්ඩේ ඇගේ මිතුරියක වන
සෑම් අහමඩ් බොම්බේ සමඟ අගුලු දැමීමේ නීති උල්ලංඝනය කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් මුම්බායි නුවරදී ඔවුනට නඩු පවරා ඇති බවට පුවතක් වාර්තා විය. එම පුවත වාර්තා වී දිනකට පසු ඇය එම පුවතට ප්‍රතිචාර දක්වා තිබේ.
 ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා මෙම  අත්අඩංගුවට ගැනීමේ සිදුවීම ඇය ප්‍රතික්ෂේප කොට තිබේ. ඒ ගැන කියන වීඩියෝවේ ශීර්ෂපාඨයේ "ඊයේ රාත්‍රියේ චිත්‍රපටයකට දායකව සිටියදී මා අත්අඩංගුවට ගත් බව දැනගන්නට ලැබුණු බව" ඇය සඳහන් කර තිබුණි.


කෙසේවුවද ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ 269 (ජීවිතයට අනතුරුදායක රෝගයක් ආසාදනය වීමට ඉඩ ඇති, නොසැලකිලිමත් ක්‍රියාව) සහ 188 (රජයේ සේවකයා විසින් නිසි පරිදි ප්‍රකාශයට පත් කරන ලද නියෝගයට අකීකරු වීම) යන වගන්ති යටතේ පාණ්ඩේ සහ සෑම් අහමඩ් බොම්බේට එරෙහිව නඩු පවරා ඇති බව සත්‍යයකි. ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක හිරෙමත් විසින් පීටීඅයි පුවත් සේවාව වෙත මෙම තොරතුරු පවසා ඇත.
පූනම් පාණ්ඩේගේ ක්‍රියාවන් මතභේදයට තුඩු දුන් පළමු අවස්ථාව මෙය නොවේ.
(රිස්මි ඉෂාරා)
[May15, 2020 - Gossiplankanews.com]