දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් පසුගිය 15 වැනිදා ප්‍රකාශයක් සටහන කර ගැනීම වෙනුවෙන් කිලිනොච්චිය පොලිසියට කැඳවා ඇතැයි වාර්තාවේ.

මාර්තු 08 වැනිදා පැවැත්වු ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහනකදි හිටපු එල් ටි ටි නායිකාවකගේ ජායාරූපවලට මල්මාලා පැළඳ සැමරීමක් සිදුකිරීම සම්බන්ධයෙන් කිලිනොච්චිය ප්‍රදේශවාසියෙකු සිදුකළ පැමිණිල්ලකට අදාළ ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු මන්ත්‍රීවරයා පොලිසියට කැඳවා තිබෙයි.

හිටපු මන්ත්‍රීවරයාට අමතරව කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාවේ සභාපති අරුනාචලම් වේලමාලදන් නමැත්තාගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තා විය.

කිලිනොච්චිය පිහිටි දෙමළ ජාතික සන්ධාන කාර්යාලයේදී අදාළ සැමරුම් වැඩසටහන පවත්වා ඇති බවට කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසන ලදි.

මැයි 18 වැනිදා යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සැමරීමේ වෙල්ලමුල්ලිවයික්කාල් සැමරුම් වැඩසටහන් පැවැත්වීමටද දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් උතුරේ ජනතාව දැනුවත් කොට ඇති බවද ආරක්ෂක අංශ පවසයි.