රට පුරා පවතින ඇඳිරි නීතිය Covid-19 පාලනය කිරීම උදෙසා වැදගත් පියවරක් වුවද නිවසේ රැඳී සිටීම අපට මෙතරම් අපහසු වන්නේ මන්ද? නිවසේ රැඳී සිටීමෙන් අත් වන ප්‍රතිඵල මොනවාද? මේ සම්බන්ධයෙන් BBC focus science සඟරාවේ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
“නිවසේම රැඳී සිටින්න”, “ඔබේ මිතුරන්ව සහ නෑදෑ හිතවතුන්ව මුණගැසීමට යෑමෙන් වළකින්න,” “ඔවුන් ඔබව මුණගැසීමට පැමිණීම වළක්වන්න.” බැලු බැල්මට මෙැවැනි උපදෙස් පිළිපැදීම එතරම් අභියෝගාත්මක ඒවා බව පෙනෙන්න නැතත්
ඔබ ප්‍රවෘත්ති නැරඹීමේදී, සමාජ මාධ්‍යයේ සැරිසරද්දී හා ඇතැම්විට ජනේලයෙන් පිටත බලද්දී පවා පෙනෙන්නට තිබෙන්නේ බොහෝ මිනිසුන් ‘සමාජ හුදෙකලාව’ සමඟ සටන් වදින බවය. ඒ ඇයි? රැකියාවට නොයා සිටීමේදී සහ පුද්ගල සම්බන්ධතා නැවතීමේදී එය දරාගැනීමට මෙතරම් අපහසු වන්නේ ඇයි?
පෘථිවි ගෝලය මත වෙසෙන ඕනෑම ජීවියෙකුට වඩා මිනිසා සමාජශීලිය. එකිනෙකට වෙනස් විවිධ ආකාරවලින් අපගේ මොළය සැකසී තිබෙන්නේ සමාජයීයකරණයටය. එමනිසා ඉහත සඳහන් කළ ආකාරයේ ඉල්ලීම්වලට අවනත වීම මිනිසුන්ට දැනෙන්නේ මහ මෙරක් මෙන්ය. සමාජ හුදෙකලාවේ ප්‍රතිවිපාකවලටද මුහුණ දීමට සිදු විය හැකිය.
මිනිසුන්ට තිබෙන්නේ බුද්ධිමත් සහ දැනුම සොයා ඇදෙන මොළයක්ය. ඔබ උපදින විට ආහාර සොයාගැනීමේ අවශ්‍යතාවයක් හෝ සහකරුවෙක් සොයාගැනීමේ අවශ්‍යතාවයක් ඔබට දැනුණේ නැත. ඔබේ අවශ්‍යතා බලා කියා ගත්තේ අන්‍යයන් විසින් නිසා ඔබේ පැවැත්මට ඒවා බලපෑමක් වූයේ නැත.
නමුත් වැඩිහිටි වියට එළඹෙන විට ඔබේ සාර්ථකත්වය රඳා පැවතුණේ ඔබ ඇති කරගන්නා බැඳීම්, අන් පුද්ගලයන් සමඟ ඔබ දක්වන සහයෝගීතාව, සන්නිවේදනය වැනි සාධක මතය. මෙම දේවල් සඳහා වඩාත් ඉහළ බුද්ධියක් අවශ්‍ය වේ. ගොදුරු අල්ලන සතෙකුගෙන් පලා යෑමට ශරීර ශක්තිය අවශ්‍ය වේ. නමුත් ඔබේ මිතුදම් දිගටම පවත්වාගෙන යෑමට, ඔබේ වගකීම් සහ යුතුකම් ඉටු කිරීම අවශ්‍ය වන්නේ බුද්ධියය. නැණවත්ව සිතා බැලීමේ ශක්තිය ඔබට අවශ්‍යය. මෙම කාර්යයන් ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය මිනිස් මොළය සතුය. මෙය එක් සිද්ධාන්තයක්ය. සමාජ බැඳීම් සහ සන්නිවේදනය උදෙසා මොළය මගින් විශාල කාර්යභාරයක් ඉටු කරන බැවින් සමාජ හුදෙකලාව එයට නුහුරු දෙයක්ය.
ඔක්සිටොසීන් යනු අන්තර්පුද්ගල සබඳතා වැඩිදියුණු කරන මොළය තුළ ක්‍රියාත්මක වන රසායනිකයක්ය. මුහුණු හඳුනාගැනීමට සහ මුහුණු කියවීමට අපගේ මෂ්තිෂ්ක බාහිකයේ දෘෂ්‍ය සංවේදී ප්‍රදේශය උපකාරවත් වේ. මොළයේ තවත් කොටසක් වන පූර්ව බාහිකය මගින් අනුකම්පාව ඇති කරන අතර වෙනත් පුද්ගලයෙකුගේ හැඟීම් වටහාගෙන එම හැඟීම් තමාටද දැනීමේ හැකියාව ලබා දෙයි. මෙම නිසා වෙනත් පුද්ගලයන්ගේ හැසිරීම් සහ ආකල්ප සැලකිල්ලට ගැනීමේදී පුද්ගලයෙකුට වරදසහගත බවක් සහ අපහසුතාවක්ද දැනිය හැකිය.
පැහැදිලිවම අපගේ මොළය සමාජ සබඳතා වෙනුවෙන් හැඩගැසී තිබේ. නමුත් සමාජ සබඳතා වැළැක්වීම මගින් මොළය තුළ ගැටලුකාරී තත්ත්වයක් මතු වීමට ඉඩ ඇත. උදාහරණයක් ලෙස, සමාජ සබඳතාවලින් ඉවත් වන පුද්ගලයන්ගේ මොළය අඩු වින්දනයක් ලැබීමට ඉඩ ඇති බව අධ්‍යයනවලින් පැහැදිලි වේ. එමනිසා මොළය සමාජ සබඳතාවලින් වැළකීම යනු මොළය වඩාත්ම ඉල්ලා සිටින දෙයක් එයට ලබා නොදීම වැනිය. හුදෙකලාවට ලක් වූ පුද්ගලයෙකුගේ මොළයේ ක්‍රියාකාරීත්වය වචනයෙන් පවසනවා නම් එක්තරා ආකාරයක කුසගින්නක් හෝ පිපාසයක් බව අධ්‍යනවලින් හෙළි වී තිබේ.
අවසන් සමාජ සබඳතාවය පවත්වා පැය 10ක් වැනි කෙටි කාලයකින් පසුව වුවද එවැනි “කුසගින්නක්” මොළයට දැනිය හැකිය. එමනිසා පුද්ගල සමාජ සබඳතා නවත්වා දැමීම බොහෝදෙනෙකුට එතරම් මිහිරි අද්දැකීමක් වී නොමැතිය.
නමුත් සෑමවිටම මිනිස් මොළයට සමාජය අවශ්‍ය බව මින් අදහස් නොකරයි. සමාජ සබඳතා මගින් අප සතුටක් ලැබුවද ඒවා සඳහා අපගේ කාලය සහ ශක්තිය වැය වන අතර උත්සාහයද අවශ්‍යය. නමුත් විවේකයක් නොමැතිව, නිරතුරුවම සමාජ සබඳතා සඳහා මේවා වැය කිරීම අපගේ මොළයට දැරිය නොහැකිය. අප සමාජයට ළැදි වුවද අපට පෞද්ගලිකත්වයක්ද අවශ්‍ය වන්නේ මේ නිසා බව සමීක්ෂකයෝ පවසති.
අපට අවශ්‍ය වූවාටත් වඩා පෞද්ගලිකත්වයක් මෙම දිනවල අපට ලැබී ඇති බව විතර්කයෙන් පිළිගත යුතුය. නමුත් කිසිවෙකු ඒ පිළිබඳව සතුටට පත් වන බවක් පෙනෙන්නට නැත. මිනිස් මොළයට තමාගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව තේරීම් කිරීමේ හැකියාවක් තිබීම නිසා නිවසේ රැඳී සිටීමට තමා විසින්ම තෝරාගැනීම සහ වෙනත් පුද්ගලයෙකුගේ කීම නිසා නිවසේ රැඳී සිටීම බලපාන්නේ දෙයාකාරයකින් වීම මෙම අසතුටට හේතු විය හැකිය.
මිනිසුන්ට යමක් ලබාගත නොහැකි බව හෝ කළ නොහැකි බව පැවසූ විට ඔවුන්ට එය කවරදාටත් වඩා අවශ්‍ය වීමේ ස්වභාවයක්ද මිනිසුන් තුළ පවතියි. එමනිසා සමාජ සබඳතා අවම කරන ලෙස පැවසූ විට වැඩි වැඩියෙන් සමාජ සබඳතාවල යෙදීමට ප්‍රබල පෙලඹවීමක් ඇතැමුන් තුළ ඇති විය හැකිය.
ශාරීරික සබඳතා අහිමි වීම වෙනුවට ආදේශකයක් ලෙස සමාජ ජාලා වෙබ් අඩවි සහ වීඩියෝ ඇමතුම් වැනි ඔන්ලයින් ක්‍රම අනුගමනය කිරීමෙන් අපගේ මොළයට ඇති වී තිබෙන සමාජ සබඳතා පිපාසය සංසිඳේවිද? මිනිසුන් දැනටමත් මෙම මාධ්‍යයන් නිර්මාණාත්මක අයුරින් භාවිත කරනවා දක්නට ලැබෙයි. නමුත් එය ප්‍රමාණවත් කියා පැවසිය හැකිද?
මිනිසුන් අතර සිදු වන සන්නිවේදනය සහ සබඳතා වැඩි ප්‍රමාණයක් සිදු වන්නේ කතා කිරීමේදී පිට වන වචන හරහා නොව ශරීරයේ භාෂාව, දෘෂ්ඨි සම්බන්ධතාවය, මුහුණේ ඉරියව්, කටහඬේ ස්වරය වැනි ක්‍රම හරහාය.
නමුත් ඔන්ලයින් සන්නිවේදනයේදී යොදැගැනෙන්නේ එම ක්‍රම කීයෙන් කීයද?
තවත් කරුණක් වන්නේ මිනිස් මොළය, සන්නිවේදනයේ කුඩා විෂමතාවයකට පවා සංවේදීව සහ ඉක්මනින් ප්‍රතිචාරය දැක්වීමය. පුද්ගලයෙකුගේ ව්‍යාජ සිනහවක් පවා හඳුනාගැනීමට අපගේ මොළයට හැකියාව තිබුණද විවිධ හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා මෘදුකාංග වැඩසටහන් මගින් නිපදවා තිබෙන විවිධ මුහුණු මගින් පුද්ගලයෙකුගේ සැබෑ චේතනා අපට හඳුනාගත නොහැකිය.
අපගේ මොළයට හුරුපුරුදු, අපගේ මොළය විසින් ඉල්ලා සිටින සමාජ සබඳතා වෙනුවෙන් සමාජ මාධ්‍ය සහ වෙනත් සන්නිවේදන ක්‍රම පරිපූර්ණ ආදේශක නොවුණද කිසිවක් නොමැතිව සිටීමට වඩා එවැනි දෑ ඇතිව සිටීම වඩා හොඳය.
(BBC focus science ඇසුරිනි)
එස්. දහනායක
[May24, 2020 - Gossiplankanews.com]