මේ විෂබීජනාශක දියර සාදාගත යුතු ප්‍රමිතිය (පිරිවිතර) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මැතිවරණ කොමිසමට ඊයේ බාරදෙනු ලැබීය.
ඉදිරි මහ මැතිවරණය සඳහා අත් සේදුම් කාරක දියර මිලිලීටර් එක් ලක්ෂ හැටතුන් දහසක් පමණ අවශයි වෙතැයි ගණන් බලා ඇත.
එක් ඡන්දදායකයකු වෙනුවෙන් අවශ්‍ය කෙරෙන විෂබීජ නාශක දියර ප්‍රමාණය මිලි ලීටර් පහකි.
මේ අතර ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්ද දායකයගේ ඇගිලි පාට කිරීමට යොදා ගන්නා තීන්ත සිංගප්පූරුවෙන් මිලදී ගැනීමටද මේ දිනවල කටයුතු කරගෙන යන බව මැතිවරණ කොමිසම පවසයි.
(සුජිත් හේවාජුලිගේ)