කෙසේවුවද මෙම තලගොයි පැටවා ශ්‍රී ලංකාවේදී විදේශයකදී අදාළ කටේනරයට පැමිණියාද නැතහොත් ශ්‍රී ලංකාවේදී ඊට එක්වූවාදැයි නිශ්චිතව තවමත් කිව නොහැකි බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. ඒ අනුව මේ පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක නිරත වූ ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥවරයා," විදේශයෙන් ගෙන්වන ලද භාණ්ඩ කන්ටේනරයක සිටයි. මේ තලගොයි පැටවා හමුව ඇත්තේ. මට ලැබුණු තොරතුරු අනුව ඒ කන්ටේනර් එක විවෘත කර තිබිලා තියෙනවා. මේ සතා ලංකාවේ ඉන්න තලගොයාම තමයි.
ලංකාවේ අපිට විශේෂ දෙකක් ඉන්නවා කබරගොයා සහ තලගොයා කියලා. තලගොයා සහ කබරගොයා වෙන්කර හඳුනා ගත හැකියි, බැලු බැල්මටම කබරගොයාගේ හිසේ පැති පෙනුම ගතහොත් හිස ගොඩක් දිගයි. තලගොයාගේ හිස කබරගොයාට සාපේක්ෂව දිග නෑ, කබරගොයින් වතුර ආශ්‍රිත ප්‍රදේශවල ඉන්නවා. එහිදී ඌට වතුරේ පිහිනාගෙන යාමට උගේනාස්පුඩු හොම්බේ ඉදිරි කෙළවර තමයි පිහිටන්නේ. ඊට හේතුව තමයි වතුරේ පිහිනා යැමේදී උගේ හොට ටිකක් උඩින් තියාගෙන නාසය හරහා වතුර යෑමකින් තොරව පිහිණිය හැකි වීම. තලගොයා ගොඩබිමට අනුවර්තනය වූවෙක්. ඒ අය සතුන් හොයන්න පොළොව හාරන නිසා තලගොයාගේ නාසය තලගොයාට සාපේක්ෂව කබරගොයාට සාපේක්ෂව ඇස පැත්තට වෙන්නයි පිහිටා තිබෙන්නේ.
කොහොම වුණත් කන්ටේනරයේ සිට හමුවු මේ සතා ලංකාවේ එකෙක්ද එසේ නොමැති නම් වෙනත් රටකින් මෙරටට ආවද කියන එක බැලු බැල්මට මෙහෙම නිගමනය කරන්න බැහැ. ඒකට නිදර්ශක පරීක්ෂා කරන්න අවශ්‍යයි. එසේ නොමැති නම් දැනට අපේ තියෙන දත්ත එක්ක සංසන්දනය කර බලන්න අවශ්‍යයි. ඊට අමතරව මෙහි විශේෂ දෙයක් මම දකින්නේ නෑ.” යැයිද පවසා සිටියේය.
ඒකල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට අයත් කර්මාන්ත ශාලාවකට රැගෙන ආ කන්ටේනරයක් තුළ
මෙම සත්වයා සිට තිබෙන අතර ඒ පිළිබඳව වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබීමෙන් පසු මුතුරාජවෙල අඩවි භාරයට ගෙන ඇත. මෙම සත්වයා පිළිබද ප්‍රදේශය භාර බස්නාහිර පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂ නීතිඥ ලලිත් වික්‍රමආරච්චි මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ඒකල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකින් ලද තොරතුරක් අනුව අදාළ ස්ථානයට ගොස් කබරයෙකුට සමාන එම සත්වයා සිය භාරයට ගත් බවයි.
(නිදර්ශනී වික්‍රමසිංහ/ ඉන්දික හේවාවිතාරණ/සමන් එස්.රත්නායක)