මේ අතර තොරතුරු පළවේ.
ලදාබ් ප්‍රදේශයේදී මෙම ගැටුම් සඳහා ඇණ සවි කරන ලද රිටි, පිති සහ උණ බම්බු යොදාගෙන ඇති බවට වාර්තා විය. ඔවුන් ඇති කරගෙන තිබූ ගිවිසුමකට අනුව වෙඩි තැබීම් සිදු නොවූ බවටද වාර්තා වේ. චීන ජාතිකයන්ටද අනතුරු සිදු වී ඇති බවත් බීජිං ඒ පිළිබඳව තොරතුරු සපයා නොමැති බවත් ඉන්දීය හමුදාව පවසන බව සඳහන්ය.
ඉන්දියා-චීන මායිමෙහි යුදමය වාතවරණයක් ඇති විය හැකි බව බියක් කාලයක් පුරා ඇති වී තිබෙන්නා සේම ශ්‍රී ලංකාව වැනි රටවල හමුදා බලය ලබාගැනීම සඳහා ආර්ථිකමය බියක් බීජිං මගින් යොදාගෙන තිබෙන බව වාර්තා වී තිබුණි.
2013දී ශ්‍රී ලංකාවේ විවෘත කළ මත්තල ගුවන් තොටුපොළ ගොඩනැඟීමේදී චීන රජය විසින් ඒ සඳහා අරමුදලක් වැය කර ඇති බව සඳහන්ය. ඒ සඳහා වැය වූ යුරෝ මිලියන 166න් යුරෝ මිලියන 150ක් පමණ ලැබී තිබෙන්නේ බීජිංවලින් වන අතර ඒ චීනයේ ඇති “එක්සිම්” බැංකුව හරහාය. නමුත් මෙය චීනයේ උපාය මාර්ගයක් බවට බොහෝ අවස්ථාවල සඳහන් විය. එනම් ද්වී පාර්ශ්වික සබඳතා ඇති රටවල් සමඟ බොහෝ විට වෙනත් පරමාර්ථයක් ඇතුව ගන්නා පියවරක් බව සඳහන් වේ.
සාමාන්‍යයෙන් මෙවැන්නකින් බලාපොරොත්තු වන්නේ ණයහිමියා ලෙස කටයුතු කරන රට විසින් ණයගැති රටට හිතාමතාම ණය ලබා දී ඔවුන්ට එම ණය ගෙවාගැනීමට නොහැකි වූ විට එම රට මගින් ආර්ථිකමය හෝ දේශපාලන වාසි ලබාගැනීම බව එහි සඳහන් විය.
මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළට අදාළ ණය මුදල හේතුවෙන් 2017දී එය China Merchants Port Holdings Company වෙත බද්දට දෙන ලදි. එවිට මෙම තොටුපොළ චීනය තම භූදේශපාලන තරඟය වෙනුවෙන් භාවිත කරනු ඇතැයි එක්සත් ජනපදයේ, ජපානයේ සහ ඉන්දියාවේ බලධාරීන් තුළ සැක පහළ විය.
චීනය ඇතැම් රටවල තම යුදමය බලය තහවුරු කරගැනීමට නොනවතින අරගලයක යෙදී සිටීමේදී ඉහත කරුණු සිහියට ගෙන තිබුණි.
(“එක්ස්ප්‍රස්” වෙබ් අඩවියට චාලි බ්‍රැඩ්ලි ලියූ ලිපිය ඇසුරිනි)
එස්. දහනායක
[June21, 2020 - Gossiplankanews.com]