‘‘රටේ ජනාධිපති විදියටත්, වගකීම් සහගත පුරවැසියකු ලෙසත් මා මේ දේ කියන්න ඕනෑ. මට පසුගිය දින කිහිපයේදී අපහසුතාවක් දැනුණා. මම වෛද්‍ය පරීක්ෂණයකට යොමුවුණා. මට ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී ඇති බව එහිදි තහවුරු වුණා’’ යැයි රූපවාහිනිය ඔස්සේ රටවැසියන් අමතමින් හොන්ඩුරාස් ජනාධිපතිවරයා කීය.
තමන් ප්‍රතිකාර ලබන බවත් ස්වයං නිරෝධානයට යොමු වී ඇති බවත් හෙතෙම එහිදි කීය.
‘‘විවේක ගන්නැයි වෛද්‍යවරුන් මට නිර්දේශ කළා.
හොන්ඩුරාස් ජනාධිපතිවරයාට පමණක් නොව ඔහුගේ බිරිඳට සහ සමීපතමයන් දෙදෙනකුටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් වාර්තා කළේය.