පොලීසිය පැවසුවේ අන්තර්ජාල බැංකු ගනුදෙනු ඔස්සේ පෞද්ගලික ආයතනවල විද්‍යුත් ලිපින හරහා ව්‍යාජ පණිවුඩ යවමින් අදාළ පුද්ගලයින් තම බැංකු ගිණුම් වෙත මුදල් ලබාගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ඩුබායිහි සේවය කළ මෘදුකාංග ඉංජිනේරුවරයෙක්.
ඔවුන් සන්තකයේ තිබී ව්‍යාජ හැඳුනුම්පතක්, බැංකු 5ක ගිණුම් පොත් හා විවිධ බැංකුවලින් ලබා ගත් ඉතුරුම් ගිණුම් කාඩ් පත් 17ක් සොයාගෙන තිබෙනවා.
මේ අතර මුදලින් රුපියල් දෙලක්ෂ එකොළොස්දහසක් , ලැප්ටොප් පරිගණක දෙකක් හා ඔවුන් භාවිත කළ සුඛෝපභෝගී ජීප් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මේ සඳහා නයිජීරියානු ජාතිකයින් කිහිපදෙනෙකු ද සම්බන්ධ අතර ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පැවසුවා.