පසුගිය මාසයේ සනී ලියොන් සහ ඇගේ  සැමියා වන ඩැනියෙල් වෙබර් සහ දරුවන් වන නිෂා, ආශර් සහ නෝවා ඔවුන්ගේ අනෙක් නිවස පිහිටි ලොස් ඇන්ජලීස් වෙත ගොස් ඇත. කෙසේවෙතත් ඇය පවසන්නේ    තමාට හැකි ඉක්මනින් නැවතත් මුම්බායි වෙත යාමට බලා සිටින බවය.

ඉන්දියාව මෙන්ම එක්සත් ජනපදයේ බොහෝ ප්‍රදේශ ද නව කොරෝනා වසංගතය සමඟ පොරබදමින් සිටියි. ඉන්දියාව අගුලු දමා ඇති අවස්ථාවක ඇය එක්සත් ජනපදය වෙත ගමන් කළ හේතුව පිළිබඳව විවිධ තොරතුරුද සනී ලියෝන් විසින්  පවසා තිබුණි.

එමෙන්ම මේ ගමන පිළිබඳව තම ළමයින් ඉතා හොඳින් ප්‍රතිචාර දැක්වූ බවත්  එය ඉතා දිගු ගමනක් වූ නමුත් නිවසට යාමත් සමඟ දරුවන් සමඟින් ක්‍රීඩා කරමින් ඉතා සතුටින් කාලය ගත කළ බවත් ඇය පවසා තිබුණි.

මීට අමතරව මෙම ගමන සඳහා පැය 39 ක කාලයක් ගත වූ බව පවසන සනී ලියොන්  එය වෙහෙසකර නමුත් සාර්ථක ගමන් අවසානයක් වෙත ළඟා වීමට ඔවුන්ට හැකිවූ බවද පවසයි.  පුද්ගලිකව මුම්බායි හැර යාම ගැන කනගාටු වූ බැවින් එක්සත් ජනපදය වෙත පැමිණීම පිළිබඳව තීරණය කිරීමට බොහෝ කාලයක් ගත වූ බවද ඇය වැඩිදුරටත් පවසා තිබේ.  කෙසේ වෙතත් ඩැනියෙල්ගේ මව සහ ඔහුගේ පවුලේ අය සමඟ සිටීම වැදගත් වූ බැවින් අනෙක් සියල්ලන් මෙන් ඔවුන්ද තම ආදරණීයයන් සමඟ සිටීමට තීරණය කළ බවට සනි ලියොන් අදහස් දක්වා තිබේ.
එමෙන්ම සනි ලියොන් පවසන පරිදි ඔවුන් යම් මුදලක් ඉතිරි කර ඇති බැවින් සුවපහසු ජීවිතයක් ගත කිරීමට ඔවුන්ට හැකියාවක් පවතී.

කෙසේවෙතත් ජාත්‍යන්තර ගුවන් සේවාවන් නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වූ සැනින් තමන් ඉන්දියාව වෙත ආපසු යන බවද ඇය වැඩිදුරටත් පවසා තිබුණි.

රිෂ්මි ඉෂාරා