ඔහු මේ බව සදහන් කළේ අද (04) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
ඒ අනුව තැන්පත්කරුවන් 93%කගේ පමණ ගැටළු විසඳෙන අතර වැඩිපුර මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන්ගේ මුදල්ද ඉදිරියේදී ගෙවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කීය.
මහ බැංකුවේ අනුමැතිය යටතේ පවතින මෙවැනි මූල්‍ය ආයතනයන් නිවැරදිව අධීක්ෂණය නොවීම නිසා එම ආයතන කඩා වැටීම සම්බන්ධයෙන් රජයේ විශාල විරෝධයක් මහ බැංකුවට පළ කළ බවද, ඉදිරියේදී මෙවන් තත්වයක් ඇති නොවන පරිදි මූල්‍ය සමාගම්හි විශ්වාසය ආරක්ෂා වන අයුරින් කටයුතු කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මූල්‍ය ආයතනයන්හි මුදල් තැන්පත්කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව වගකීම දරන්නේ රුපියල් ලක්ෂ 06ක් දක්වා පමණක් බවත් මේ පිළිබඳවද අවධානය ඇතිව ජනතාව තම මුදල් තැන්පත් කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
ද ෆිනෑන්ස් සහ ඊ.ඒ.පී ආයතනය හැරුණු කොට අනෙකුත් මූල්‍ය ආයතනයන්හි කිසිදු ගැටළුවක් නැති බවත් පසුගිය කාලයේ මහ බැංකුවේ විශ්වාසනීයත්වයට විශාල හානි සිදු වූ බවත් සඳහන් කල සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වසංගත තත්වය නිසා මූල්‍ය අපහසුතාවයට පත් වී තිබුණත් ජනතාවට සහන ලබා දීම වෙනුවෙන් රජය විශාල කැපවීමක් සිදු කරන බව පැවසීය.