2011 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවස න් තරගය පාවාදීමක් පිළිබඳ කරුණු අනාවරණය වී නොමැති බව සඳහන් කරමින් ක්‍රීඩා විමර්ශන ඒකකය පැවැත් වූ විමර්ශන අවසන් කිරීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
මේ පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ අලුත්ගමගේ මහතා,
"2011 ලෝක කුසලාන ගැන මට ලැබුණු සියලු තොරතුරු පොලීසියට ලබාදුන්නා. මේ සම්බන්ධයෙන් මම කිවුවා. මේකට ක්‍රීඩකයන් සම්බන්ධ නැහැ කියලා. එහෙම කියලා තිබියදීත්, පොලිස් ඒකකයට මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර මහතාවත් කැදෙවේ මොන පදනමටද කියලා මම දන්නැහැ. දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියලා තිබෙනවා, මේකෙ තොරතුරු නැති නිසා මේ පක්ෂණය අවසන් කළා කියලා.
එතකොට පොලීසිය වැරදි පරීක්ෂණයක් ආරම්භ කරලා පොලීසිය හිර කරගත්තාම පරීක්ෂණයට තොරතුරු නැහැ, පරීක්ෂණය අවසන් කරන්න කියලා කියන්න බැහැ.
මොකක්ද පොලීසිය තොරතුරු අරගෙන තියෙන්නේ තේරීම් කමිටුවේ සභාපතිවරයාගෙන් විතරයි.
එවකට හිටපු ක්‍රිකට් පාලකගෙන් කටඋත්තරයක් ගත්තාද, සභාපතිගෙන් කටඋත්තරයක් ගත්තාද. ඒ වගේම විධායක නිලධාරීන්ගෙන් කටඋත්තරයක් ගත්තාද.ඒ තරගාවලියට සම්බන්ධ කිසි කෙනෙකුගෙන් කටඋත්තරයක් අරගෙන නැහැ. මම පැහැදිලිවම සඳහන් කළා තොරතුරු ගන්න ඕන කාගෙන්ද කියලා.
මේ විදියටම තමයි පොලීසිය පසුගිය කාලයේ කළේ. අපි යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන්ට පැමිණිලි කරනකොට දවස් දෙකෙන් ෆයිල් වැහුවා. පොලීසියට මේ පක්ෂණය කරගන්න බැහැ,
පොලීසිය මේ පක්ෂණය කරලා තියෙන්නේ වැරදි විදියට.
මේ පනතට අනුව පොලිස් විමර්ශන ඒකකට කටඋත්තර ගන්න බැහැ. මගෙන් ඇවිල්ලා අහපු නිසා මේක බරපතළකම නිසා මම කටඋත්තර දුන්නා. මේක විමර්ශනය කළ යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. විසින්. ඒ සම්බන්ධයෙන් මම ඔවුන්ට තොරතුරු දීලා තිබෙනවා.
මම ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලීමක් කළා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා. කෙනෙක් පැමිණිල්ලක් කළාම දවස් දෙකෙන් එක පුද්ගලයෙකු ගෙනල්ලා ලිපිගොනුවක් වහන්න පුළුවන්ද? ඒ නිසා මේකේ කිසිදු පක්ෂණයක් සිදුවෙලා නැහැ. පොලීසියේ වැරැද්ද වහගන්න මේක මගේ පිට දාලා තිබෙනවා. මගේ ස්ථාවරයේ මම අදත්, හෙටත් ඉන්නවා. ඒ ගැන කිසිදු වෙනසක් නැහැ.
මේ ගැන කුමාර් සංගක්කාර මහතාත් කියලා තියෙන්නේ, මේ ගැන පරීක්ෂණ කළ යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කියලා. ඇලෙක්ස් මාෂල් (අයි.සී.සී. දූෂණ විමර්ශන ඒකකයේ ප්‍රධානී) මහතා මට කතා කළා. ඔහු මට ඊමේල් පණිවුඩයක් එවලා තිබෙනවා. ඔහුට මම තොරතුරු දීලා තිබෙනවා. මම ඔහුට තව තොරතුරු දෙමින් යනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි. මේකට සම්බන්ධ අය විශාල මුදල් වැය කරනවා මේකෙන් බේරෙන්න දැන්” යැයි පැවසීය.
සංජීව ධර්මසේන