නිරෝධායනයට ලක්කොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර
කේ සිංගාරච්චි මහතා පවසයි.
එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට හදුනාගත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ
උපදේශකවරයාගේ පළමු දෙවැනි හා තෙවැනිපෙළ ආශ්‍රිතයින් මෙන්ම රැදිවියන් බැලිමට කන්දුකාඩු
පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගිය පුද්ගලයින් හා කන්දකාඩු සිට ගාල්ලට පැමිණි පුද්ගලයින් ඇතුළුව 251
දෙනෙකු පි.සි.ආර්. පරික්ෂණවලට ලක්කොට ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා
සදහන් කළේය. එම පි.සි.ආර්. පරික්ෂණ වාර්තාවලට අනුව ඒ සියලුදේනාට කොරෝනා වෛරසය ආසාදනය
වි නොමැති බවට තහවුරුවි ඇති බවද හෙතෙම පවසයි.
කන්දකාඩු සිද්ධියට ආදාල ගාල්ල දිස්ත්‍රික්කය තුල ආශ්‍රිතයින් 262ක් හදුනා ගත්තා. කන්දකාඩු
පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදිවියන් බැලිමට ගොස් යලි පැමිණි අය රෝගියා ඇසුරුකළ අය හා
ආශ්‍රිතයින් 50 දෙනෙකු හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තියෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වු උපදේශකවරයාගේ පළමු දෙවැනි හා තෙවැනිපෙළ ආශ්‍රිතයින් 160
දෙනෙකු හදුනාගත්තා. ඉන් 128 දෙනෙකු ගෘහ ආශ්‍රිතව නිරෝධානය කිරිමට ලක් කරලා තියෙනවා.
පි.සි.ආර් පරික්ෂණ 177ක් සිදුකළා. මෙකි උපදේශකවරයාගේ පළමුපෙළ ආශ්‍රිතයින් 25 දෙනෙකු දෙවැනි
වතාවට ද පි. සි.ආර් පරික්ෂන සිදුකිරිමට නියමිතව තියෙනවා.
කොරෝනා වෛරසය ආසාදනය වි ඇති උපදේශකවරයා 30 වැනදා තමයි ගාල්ලට පැමණිලි තියෙන්නේ
11 වැනිදා තමයි පරික්ෂණ වලදි තහවුරු වන්නේ කොරෝනා අසාදනය වි ඇති බව. කෙසේවුවද ඔහු සුවය
ලබා මේ වනවිට යලි නිවසට පැමිණි සිටිනවා. හබරාදුව ප්‍රදේශයේ මෙකි උපදේශකවරයාගේ සමිපතම
ආශ්‍රිතයින් 16 දෙනෙකු ද්විතික ආශ්‍රිතයින් සමග 34 දෙනෙකු .පි. සි.ආර් පරික්ෂණවලට ලක්කළා කිසිදු
අයෙකුට කොරෝනා ආසාදනය වි නැහැ. මිට අමතරව හබරාදුව ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා භටයින්
13 දෙනෙකු නැවත කදවුරට යාමට පෙර පි. සි.ආර් පරික්ෂණවලට ලක්කළා ඒ කිසිදු අයෙකුට කොරෝනා
නැහැ. ගොනපිනුවල ප්‍රදේශයේ දි මෙකි උපදේශකවරයාගේ සමිපතම ආශ්‍රිතයින් 09 දෙනෙකු ඇතුළු 54
දෙනෙකු පි. සි.ආර් පරික්ෂණවලට ලක් කළා. ඒ අයටත් කොරෝනා වැළදි නැති බව තහවුරු වුනා.
ප්‍රදේශයේ පුද්ගලයින් 10 දෙනෙකු හික්කඩුව ප්‍රදේශයේ රෙදි වෙළදසැලක සේවකාවන් ඇතුළු
ආශ්‍රිතයින් 21 දෙනෙකු, ඇල්පිටිය ප්‍රදේශයේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියකු බැලිමට
ගිය රියදුරකු ඇතුථ පවුලේ 06 දෙනෙකු ගාල්ල නගරයේ වෙළද සැලක සේවකයින් 07 දෙනෙකු ඇතුළු 24
දෙනෙකු පි. සි. ආර් පරික්ෂණවලට ලක්කළා ඒ කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසදානය වි නොමැති
බවට තහවුරුවෙලා තියෙනවා.
මිට අමතරව කන්දකාඩු ගිය බලපිටිය ප්‍රදේශයේ 09 දෙනෙකු, ඉදුරුවේ ආශ්‍රිතයින් 24 දෙනෙකු
නියාගම ප්‍රදේශයේ 11 දෙනෙකු, වැලිවියේ 08 දෙනෙකු රාජංගණ ප්‍රදේශයේ සිට පැමිණි 03
දෙනෙකු හා අක්මිමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුල නාවික ආරක්ෂකයින් ඇතුළු 12 දෙනෙකු
පි. සි.ආර්. පරික්ෂණවලට ලක්කළ බවත් ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට
තහවුරුවි ඇති බවද ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යඥවරයා සදහන් කළේය.
ජිනේෂ් නානායක්කාර