ආශ්‍රිතයින් 116 ක් නිරෝධායනයට ලක්කර තිබෙන බව බදුල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා
අධ්‍යක්ෂ වෛද්‍ය රොහාන් මාපා මහතා පැවසීය.
මෙලෙස කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී ඇත්තේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරියේ නිරතව සිටින බදුල්ල කැන්දගොල්ල , පස්සර පරමංකඩ සහ මහියංගනය සොරබොර ප්‍රදේශවල පදිංචි තිදෙනෙකු බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
මොවුන් අතරින් බදුල්ල කැන්දගොල්ල ප්‍රදේශයේ හමුදා සාමාජිකයා පසුගිය මස (09) වැනිදා නිවාඩු
ලබා පැමිණ (19) වැනිදා පිටව ගොස් ඇති බවත් මහියංගනය සොරබොර ජනපදයේ පදිංචි හමුදා
සාමාජිකයා ද ජුනි (6) වැනිදා පැමිණ (16) වැනිදා පිටව ගොස් තිබෙන බවත් පස්සර පරමහංකඩ
ප්‍රදේශයේ පදිංචි හමුදා සාමාජිකයා මේ මස (3) වැනිදා පැමිණ (10) වැනිදා පිටව ගොස් ඇති
බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ඇසුරෙන් කොවිඩ් 19 වයිරසය පැතිර යාම වැළක්වීමට සෞඛ්‍ය අංශ
උපරිමයෙන් පියවර ගෙන තිබෙන බවත් ඔවුන්ගේ ආශ්‍රිතයින් 116ක් හඳුනාගෙන නිරෝධායනයට ලක් කර තිබෙන බවත් කී අධ්‍යක්ෂවරයා පස්සර පරමහංකඩ ප්‍රදේශයේ පදිංචි නිවාඩු ලබා පැමිණි හමුදා
සාමාජිකයාගේ ආශ්‍රිතයින් කෙරෙහි දැඩි අවදානයක් යොමු කර සිටින බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
හැකි සෑම විටම මුඛ ආවරණ පළදිමින් පෙර සිට කරගෙන ආ සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයෙන් පිළිපදිමින් කටයුතු කිරීම මේ අවස්ථාවේදී වැදගත් බවද හෙතෙම කියා සිටියේය.
(එෆ්.අස්ලම්)