රාජාංගනය ප්‍රදේශයේ පදිංචි සිව් දෙනෙකු මෙසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.
ඊයේ (11) දිනයේදී කොවිඩ්-19 රෝගය වැළඳුනු පුද්ගලයින් 57 දෙනෙකු හඳුනාගැණුනු අතර අද උදෑසන තවත් සිව්දෙනෙකු හඳුනාගත් බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ.
ඒ අනුව රාජාංගනය ප්‍රදේශයෙන් පමණක් මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 11 දෙනෙකු හඳුනාගෙන තිබේ.
මේ අතර කොවිඩ්-19 රෝගීන්ගේ ආශ්‍රිතයින් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කර සිටියි.
මේ අතර අද පස්වරුව වන විට කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගැණුනු කොවිඩ්-19 රෝගීන් සහ ඔවුන්ගේ ආසාදිතයින් පිළිබඳ සියලු තොරතුරු ලබාගැනීමට හැකිවනු ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.