නිරෝධායනයට ලක්කළ බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
නිරෝධායනයට ලක්කර ඇති අය අතර එකම පවුලේ මව , පියා ඇතුඵ දියණියන් 03 ක් හා ඥාති පුතෙකු සමඟ නැන්දනියක්ද සිටින බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.
මෙම පිරිස පුලස්තිගම ප්‍රදේශයේ පදිංචි ඔවුන්ගේ ඥාතිවරයෙකුගේ නිවසේ පැවති දානමය පිංකමකට සහභාගිවී ඇති අතර එම පිංකමකට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථයට අන්යුක්තව සේවය කළ විශේෂ කාර්ය බලකායේ නිලධාරීවරයෙකු පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
නිරෝධායනයට ලක්කළ බවත් ඔවුන් හෙට (14) පී සී ආර් පරීක්ෂණ සඳහා කුලියාපිටිය මූලික රෝහලට යොමුකරන බවත් සෞබ්‍ය වෛද්‍ය කාර්යලය පවසයි.
පන්නල සෞබ්‍ය වෛද්‍ය නිලධාරිනි සාමා හේරත් මහත්මියගේ උපදෙස් මත නාරංගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක මුජීෆ් මහතාගේ මැදිහත්වීමෙන් මෙම පිරිස ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.
(හේමලතා ඩී හේවගේ )