සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධව අද දින (2020.07.15) සිදු කරනු ලැබූ ප්‍රකාශය පහත පරිදි වේ.
අද දින මේ දක්වා සිදුකරන ලද PCR පරීක්ෂණ වලට අනුව කන්දකාඩු පොකුර ආශ්‍රිතව ආසාදිතයින් වාර්තා වී නැහැ. එක් රෝගියෙක් කටාර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙක් ආසාදිතයෙක් ලෙස සටහන් වෙනවා. ඒ වගේම මේ වනවිට නිරෝධායනයට ලක්වන අය අතර කුරුණෑගල 73 දෙනෙක් සහ නිකවැව 73 දෙනෙක් වශයෙන් මධ්‍යස්ථාන දෙකක නිරෝධායානයට ලක්වෙනවා. මොවුන් කොළඹ පැවති පුනරුත්ථාපන යම්කිසි රැස්වීමකට පැමිණ එහිදී ආසාදිතයෙක් සමග සම්බන්ධ වීම නිසා තමයි නිරෝධායනයට ලක්කර තිබෙන්නේ.
ඒ වගේම කුණ්ඩසාලේ රෝගීන් දෙදෙනා ආශ්‍රිතව 150 ක් පමණ ප්‍රමාණයක් නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඒ වගේම එම කුණ්ඩසාලේ රෝගියාට සම්බන්ධ පවුල් කිහිපයක් කෑගල්ලේත් නිරෝධායනයට ලක් වෙමින් පවතිනවා.
ඒ වගේම අපට විශේෂයෙන් කියන්න පුළුවන් ඊයේ සහ පෙරේදා දිනවල රාජාංගනය ප්‍රදේශයේ ගනුලැබූ PCR සාම්පල 395 ට අනුව එම 395 කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වී තිබෙනවා. ඒ වගේම රාගම පෞද්ගලික රෝහල සම්බන්ධව සිද්ධියට මුහුණ පෑ අය සම්බන්ධව ගනුලැබූ සියලුම PCR පරීක්ෂණ මගින් ඒ අයත් ආසාදිතයින් නොවන බවට තහවුරු වී තිබෙනවා.
ඒ වගේම අද දිනත් කුණ්ඩසාලෙන් 101 ක් ඒ වගේම, කොටුගොඩ පල්ලිය ආශ්‍රිතව 74 දෙනෙක් ඒ වගේම තන්තිරිමලේ රන්ටැඹේ අර දෙමාපියන් ඒ අයගෙන් 266 ක පමණ ප්‍රමාණයක් සහ පොලොන්නරුව රෝහලට පැමිණෙන අයගෙන් සාම්පලයක් ලෙස 200 ක පමණ ප්‍රමාණයක් සහ රාජාංගනයෙන් 150 ක් පමණ ප්‍රමාණයක් ඇතුලුව දිවයිනේ විවිධ ප්‍රදේශවල PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගෙන තිබෙනවා. ජාඇල, කොටුගොඩ පල්ලිය තත්ත්වය ගත්තත් එහිදී ආසාදිතයකු පැමිණීම නිසා තමයි මෙම තත්ත්වය ඇති වී තිබෙන්නේ. නමුත් දැන් එය සාමාන්‍ය තත්ත්වයට පැමිණිලා. දැන් එම පල්ලියට සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට අවසර ලබාදී තිබෙනවා.
මෙහිදී, විශේෂයෙන්ම අපගේ අවධානය යොමු වී තිබෙනවා මේ රටේ අතිවිශාල ආයතන සංඛ්‍යාවක් තිබෙනවා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ. ඒ විශ්ව විද්‍යාල වෙන්න පුළුවන්, නේවාසිකාගාර වෙන්න පුළුවන්. දැනටත් ඉදිරියටත් ඉතාම වැදගත් දෙයක් තමයි මේ වැඩිවශයෙන් ඉන්න ස්ථානවල ඒ වගේම
ඒ වගේම එසේ රෝගී තත්ත්වයන් තිබෙනවා ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර කිරීම. යම්කිසි ආකාරයකින් එවැනි තත්වයක් තිබෙනවා නම් සේවයට වාර්තා නොකර සිටීම. ඒ වගේම සේවා ස්ථානවල එක් එක් ඒකක ගත්විට එම ඒකක හැකිතාක් දුරට වෙන් වෙන් වශයෙන් පවත්වා ගැනීම. වෙන් වෙන් ඒකක වල අය හමුනොවී වෙන්වෙන් වශයෙන් පැමිණ පිටවීමට අවස්ථාව සැලසීම ආදිය පවත්වා ගත යුතු වෙනවා.
මෙය ඇත්තෙන්ම හුදෙක් මෙම අවස්ථාව ගැන පමණක් සිතා නෙමෙයි ඉදිරියටත් පවත්වා ගත යුතු තත්වයක්. මොකද අපි දන්නවා මේ වනවිට ජනතාවගේ ගමන් බිමන් හැසිරීම් රටා යම් ප්‍රමාණයකට වෙනස් වෙලා තිබෙනවා. මෙම තත්වයන් නැවත හොඳ අතට හරවා ගැනීම විශේෂයෙන්ම ආයතනවල පවත්වා ගැනීම ආයතන ප්‍රධානීන් අංශ ප්‍රධානීන් සතු වගකීමක් බව කීමට අවශ්‍යයි. එහිදී, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමත් ඒ අනුව ඔවුන් වගවීම යම්කිසි ලෙසකට සහතිකවීම වැදගත් වෙනවා.