ලොව පුරා රටවල් 32ක විද්‍යාඥයන් 239 දෙනෙකු මේ සඳහා සම්බන්ධව ඇති අතර, ඔවුන් සිය අත්සනින් යුතු වාර්තාවක් ඊයේ (06දා) දිනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු තවත් සෞඛ්‍ය ආයතන වෙත භාරදී තිබුණි.
එහිදී මෙම නව කොරෝනා වෛරස වාතය මගින් කෙසේ ව්‍යාප්ත වෙනවාද යන්න පිළිබඳව පැහැදිලි කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.
දැනටමත් මෙම වෛරසය ඉතාමත් සමීප සබඳතා හරහා මෙන්ම සුදුසු සංවාතනයක් නොමැති අධික ජනගහනයක් පවතින ස්ථානවලදී ඉතාමත් පහසුවෙන් ව්‍යාප්තවන බවට කරුණු අනාවරණය කර ගැනීමට ලොව සෞඛ්‍ය විශේෂඥයන් සමත්ව තිබේ. එහෙත් මෙම වෛරසය සහ වාතයේ ඇති සම්බන්ධතාව පිළිබඳව කිසිවෙකුත් කතා කරන්නට බිය වූ බව මෙම අධ්‍යයනය සිදු කළ එක් විද්‍යාඥයෙකු වන මෝර්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩොනල්ඩ් මිල්ටන් මහතා පවසයි.
" දැන්වත් මේ වෛරසය වාතය හරහා සම්ප්‍රේෂණය වෙනවා කියන දේ පැහැදිලිවම තේරුම් ගන්න ඕනේ. ලෝක සෙඛ්‍ය සංවිධානය දැන්වත් මේ ගැන අවධානය යොමු කරලා මේ විදියට වායුවක ඉතා කුඩා අංශු විසිරී තිබෙන ක්‍රමය ගැන උදැනුවත් කිරීමක් සිදු කළ යුතුයි. ඒ වගේම ඔවුන් මේ වෛරසය වාතය හරහා සම්ප්‍රේෂණය වෙනවාද නොවෙනවාද කියන දේ පැහැදිලිවම කියන්නත් වෙනවා." ඔහු පවසයි.
මෙහිදී විශාල බිඳිති යම් මතුපිටක් මතට වැටෙන බවත්, අනතුරුව ඒවා යමෙකුගේ ඇගිලි හරහා ඇස්, නාසය හෝ මුඛය වෙතට ළගා වෙන බවත් මෙහිදී හඳුනාගෙන ඇත. මේ අතරින් කුඩා බිඳිති වැඩි කාලයක් වාතයේ පවතින අතර, ඒවා වැඩි වැඩියෙන් පෙණහලු වෙත ආශ්වාස වීමේ අවස්ථාවද පවතී.
"අපි උදාහරණයක් විදියට මත්පැන් හලක් ගනිමු, එවැනි තැනක් නියමිත සංවාතනයකින් තොරයි. එහි සිටින පිරිස් ඉතාමත් සමීපවයි ඉන්නේ . ඔවුන් එකිනෙකා අතර ඉතා උස් හඩින් කතා කරනවා, හිනාවෙනවා. එතකොට පිට වෙන මේ වෛරස සහිත බිඳිති ඒ ඇතුළෙම කරකැවිලා තවත් පිරිසක් ආසාදනය කරවනවා.” පර්යේෂකයන් පවසයි.
ඒ අනුව, මෙවැනි විශාල පිරිසක් ගැවසෙන තැනක සුදුසු සංවාතනයක් පවත්වාගෙන යාම, මුඛ ආවරණ භාවිතය උනන්දු කරවීම මෙන්ම සමාජ දුරස්තකරණය ආරක්ෂ කරගැනීම යනාදී ඒ සඳහා ජනතාව උනන්දු කරවීම හරහා මෙම තත්ත්වය පාලනය කළ හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.
"මේ විදියට ගත්තහම මත්පැන් ශාලාවලට අමතරව පාසල්
ගොඩනැගිලි, විශ්වවිද්‍යාල, පල්ලි වැනි විශාල වශයෙන් ජනතාව ගැවසෙන ස්ථානවලදී මේ
වෛරස ආසාදනයන් ඉහළ යාමේ අවස්ථාවක් පවතිනවා." ඔවුන් පවසයි.