හේතුවෙන් තරගාවලිය දින නියමයක් නොමැතිව කත්දැමීමට දෙරටේම ක්‍රිකට් බලධාරීන්ට සිදුවිය. ඔක්තෝබර් 18 වැනිදා ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය කල්දැමීමේ හේතුවත් කොරෝනා වසංගතයම වූවත්, කණ්ඩායම් 16 ක් සහභාගි වන ලෝක කුසලාන තරගාවලියකට වඩා ද්පාර්ශ්වික තරගාවලියක් පැවැත්වීම වඩාත් ආරක්ෂිත මෙන්ම ප්‍රායෝගික විසඳුමකි.
“ප්‍රධාන තරගාවලි තුන පිළිබඳ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිවේදනය නිසා අපට වැඩ කළ හැකි කවුළුවක් ලැබී තිබෙනවා. ලෝක කුසලාන තරගාවලියේ දින නියම කර ඇති බව අප දන්නා බැවින් අපගේ කාලසටහනට අනුව කටයුතු කළ හැකියි" යයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී නිසංමුදීන් චේරි මහතා අන්තර්ජාතික ප්රවෘත්ති සේවාවන්ට පවසා තිබිණ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ දෙරට අතර ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින නමුත් ඒ සම්බන්ධයෙන් දින නියම කරගෙන නැති බවයි.
“ලෝක කුසලාන තරගාවලිය කදැමීම නිසා ලැබුණු අවස්ථාවෙන් අපිත් ප්‍රයෝජනයක් ගන්න ඕනා. අපේ ක්‍රීඩකයන් වුණත් පුහුණුවීම් කරන්නේ කිසිම ඉලක්කයක් නැතිවයි. ඒත් ඉලක්කයක් තියෙනවා නම් ඒ පුහුණුවීම් වලින් වැඩි ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන්” “බංග්ලාදේශ ක්‍රීඩකයන්ටත් මාස හතරකින් පුහුණුවීම් කරන්න බැරිවෙලා තියෙනවා. ඒත් ටෙස්ට් තරගාවලිය සඳහා ඔවුන් ශ්‍රී ලංකාවට එනවා නම්, කල් ඇතිව ඇවිල්ල නිසියට නිරෝධායන ක්‍රියාවලියකට මුහුණ දෙන්නත්, ඉන් පස්සේ ක්‍රීඩකයන්ට පුහුණුවීම් කිරීම සඳහා ජෛව ආරක්ෂණ පද්ධතියක් සකස් කරලා දෙතත් අපට පුළුවන්. අපි දැන් ඒ ගැන සාකච්ඡා කරමින් යනවා” යයි ද එම නිලධාරියා පැවසීය.
කෙසේ වෙනත් සිය අනන්‍යතාව හෙළිදෑරිම් කිරීමට අකමැති වූ මෙම නිලධාරියා වැඩිදුරටත් පවසා සිටියේ තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ පූර්ණ අනුමැතිය අචශ්‍ය බවයි. කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය ලෝකයේ සෙසු රටවලට සාජේක්ෂව අඩු මට්ටමක තබා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකාව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව දකුණු ආසියාවේදී ආරම්භ කරන පළමු ස්ථානය විය හැකිය. "කොරෝනා චයිරසයේ ව්‍යාප්තිය ගැන සලකා බැලීමේදී ශ්‍රී ලංකාව මේ වන විට වෙනත් ඕනෑම දකුණු ආසියානු රටකට වඩා හොඳ තත්වයේ තියෙනවා. මෙහි (බංග්ලාදේශයේ) තත්ත්වය වාසිදායක නොවන නිසා අපි බංග්ලාදේශයෙන් බැහැර තරග සඳහා වැඩි කැමැත්තක් දක්වනවා" යැයි නිසාමුදින් චේරි මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබිණ. විස්ඩන් කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ නරඹන්නන්ගේ සහභාගිත්වයක් නොමැතිව බැවින් ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගාවලියද නරඹන්නන් නැතිව පැවැත්වීමේ වැඩි අවකාශයක් ඇති බව වාර්තා වේ.
-දමින්ද විජේසූරිය-