කොරෝනා රෝගීන් තවදුරටත් සමාජය තුළ සිටිය හැකි නිසා වහාම අහඹු ලෙස සමාජය තුළින් පී. සී. ආර්. පරීක්‍ෂණ සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට දන්වා සිටී.
එසේ නොකර රට තුළ කොරෝනා දෙවැනි රැල්ලක් ව්‍යාප්ත වුවහොත් එහි වගකීම සෞඛ්‍ය අංශ බලධාරීන් භාරගත යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සෙනාල් ප‍්‍රනාන්දු මහතා මාධ්‍යට ඊයේ (09 දා) පැවසීය.
මෙම කමිටුවේදී වසංගත රෝග අංශයේ විශේෂඥ වෛද්‍යවරුන්, ආරක්‍ෂක අංශ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් නියෝජිතයන් ඇතුළු පිරිසක් එක් වී සාකච්ඡුා කර තීන්දු තීරණ ගත් බව ද ඒ මහතා අවධාරණය කළේය.
වසංගත රෝග විiා අංශයම ප‍්‍රකාශ කරන ආකාරයට මසකට පී. සී. ආර්. පරීක්‍ෂණ 68,000 ක් පමණ සිදුකළ යුතු බව කීවත් මේ වනවිට දිනකට එවැනි පරීක්‍ෂණ සිදුකරන්නේ 1000 ක් 1500 ක් අතර යැයි ද සෙනාල් ප‍්‍රනාන්දු මහතා කීය.