රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (13) ලබාදී ඇති වීඩියෝ සාකච්ඡාවකදී වසංගතයේ දෙවැනි රැල්ල ගැන දක්වා ඇති අදහස් මෙසේය.
දැන් ඔබ සංගමය ඇතුළු බෙහෝ වගකිව යුතු පිරිස් පසුගිය කාල සීමාව තුළ මේ වසංගතයේ දෙවැනි රැල්ලක් පිළිබඳව අනතුරු අඟවමින් සිටියා. මේ මතුවෙලා තියෙන්නේ ඒ දෙවැනි රැල්ලද?
ඇත්තටම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදියට දිගටම අනතුරු ඇගෙව්වා
දෙවැනි රැල්ලක් මතුවෙන්න තියෙන හැකියාව සම්බන්ධයෙන්. ඔබ අහපු විදියට අපිට මේ මොහොත වන විට නිශ්චිතවම කියන්න බැහැ රට තුළ දෙවැනි රැල්ලක් ආරම්භ වෙලාද කියලා.නමුත් අපිට පැහැදිලිවම කියන්න පුළුවන් රට තුළ දෙවැනි රැල්ලක අනතුරක ඉතාම දැඩි ලෙස මුහුණ පාලා ඉන්නවා කියන එක.මොකද මේ මතුවෙමින් තියෙන රෝගීන් සංඛ්‍යාව ඉතාම තීරණාත්මකයි. අපි මේක කළමණාකරණය කරන්නේ කොහොමද කියන එක මත තමයි දෙවැනි රැල්ලක් මතුවෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ.
ඒ කියන්නේ මේ මතුවෙලා තියෙන තත්ත්වය දෙවැනි රැල්ල බවට තවම නිශ්චිතව කියන්න බැහැ කියලා කියන්නේ දෙවැනි රැල්ල මීට වඩා දැඩි ලෙස අවධානම් වන්නට පුළුවන් කියන එකද?
අනිවාර්යයෙන්ම.. මොකද අපි ලෝකයේ පුරා අත්දැකීම් ගත්තත් ගෝලීය වසංගතයක් මේ පවතින අවස්ථාවකදී අපිට අතීත ගෝලීය වසංගත ගත්තත් පළවෙනි රැල්ලට වඩා දෙවැනි රැල්ල අනිවාර්යෙන්ම දරුණුයි. එකට ප්‍රධාන හේතුව තමයි මිනිසුන්ට අමතක වෙනවා,රජයට අමතක වෙනවා, දේශපාලඥයින්ට අමතක වෙනවා. සෞඛ්‍ය සේවකයෝයි , ආරක්ෂක අංශයි විතරක් සුදනම් වෙලා ඉඳලා හරියන්නේ නැ.සමහර වේලාවට . සෞඛ්‍ය සේවකයින්ටත් අමතක වෙනවා මේ තියන තත්ත්වය මත.මොකද ජනමාධ්‍යටත් අමතක වෙලා. එතකොට ඒ තත්ත්වය යටතේ අමතක වීම හරහා අපි ගත යුතු ක්‍රියාමාර්ග අමතක වීම හරහා අර පළවෙනි රැල්ලට වඩා දෙවැනි රැල්ල භයානක වෙන්න තියන හැකිවාය වැඩියි.එකට ප්‍රධානම හේතුව තමයි පළවෙනි රැල්ලේදී අපි සංචරන සීමාව මුල ඉඳන්ම පැනෙව්වා. නමුත් දෙවැනි රැල්ලක් වැලැක්වීම සඳහා තාම අපිට ඒ වගේ අවස්ථාවකට යෑම සම්බන්ධයෙන් සකච්ඡාවකට ඇවිල්ලා නැහැ. ඒ නිසා දෙවැනි රැල්ල ව්‍යාප්ත වීම නිසා දෙවැනි රැල්ලක් කරා යාම සඳහා රෝගීන් ව්‍යාප්තවීමේ ලොකු අවධානමක් මේ වෙනකොට සමාජය තුළ මතු වෙලා තියෙනවා.
මේ වෙනකොට මේ වසංගතයේ මතුවෙලා තිබෙන අවධානම් සහගත හෝ බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් සියලු කරුණු හෝ ඒ පිළිබඳව තියෙන අවධානම ආණ්ඩුව හෝ අදාළ බලධාරීන් තවමත් නිසි පරිදි ජනතාවට ඒත් උගන්වලා නැද්ද?
දැන් අපි පහුගිය සති දෙක තුළදී දිගටම මේ අවදානම දැකලා කිව්වා අවදානම් ස්ථාන හතරක් ගැන. පළවෙනි එක අපි කිව්වා පොදු ප්‍රවාහනය, ඔබ දන්නවා අද පොදු ප්‍රවාහනය එළියට බැස්සට පස්සේ දුම්රියේ කෙහොමද මිනිස්සු යන්නේ අඩුම ගානේ මාස්ක් එකවත් නැ සමහර අයගේ. ඊළඟට බස් වල කෙහෙද යන්නේ කියන ප්‍රශ්නය අපිට මතුවුනා. එතනදී එක හරියට කළමණාකරණය කිරිම වැදගත් කියන එක අපි කිව්වා. ඊළඟට ගුවන් තොටුපළ,ගුවන් තොටුපළ කළමණාකරණය කිරිම ඉතා වැදගත් වෙනවා.මොකද ඉතනින් කෙලින්ම නිරෝධායන මධ්‍යස්ථානයට ගෙනිච්චත් නිරෝධායන මධ්‍යස්ථානය ඇතුලේදී රෝගය සම්ප්‍රේෂණය වෙන්න තියෙන ඉඩකඩ ඒ සියල්ල අවම කරගන්න අපි කටයුතුයි කියලා අපි කිව්වා.
තුන්වැනි එක අපි කිව්වා පාසල් විවෘත කිරීමත් එක්ක මතුවෙන්න පුළුවන් තත්ත්වය මොකද විශේෂයෙන්ම අපි ගත්තාම පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් දැන් තියෙන තත්ත්වය පාසල් විවෘත කිරිමත් එක්ක තව දෙගුණ තෙගුණ වෙනවා. හතරවැනි එක වඩා භායනක සහ අපිට වලක්වා ගත හැකි දේ තමයි මැතිවරණය. මැතිවරණ වේදිකාවේදී මැතිවරණ දිනයට වඩා මැතිවරණ දිනයට ළඟාවන කාලසීමාව තුළ ඡන්ද ව්‍යාපාරය තුළ රෝග ව්‍යාප්තිය පලනය කරන්නේ කෙහොමද කියන අභියෝග හතර. ඒ හතර ගැන අපි පුන පුනා කිව්වා. එතකොට ඒ තියෙවන තත්ත්වය යම් යම් මට්ටමින් ග්‍රහණය කරගෙන තියෙනවා බලධාරීන්. නමුත් අපි තාම දකින්නේ අර මාර්තු මාසේ මැද තිබුන තත්ත්වය දක්වා මෙකේ බැරෑරුම් බව තාම අවබෝධ කරගෙන ඉන්නවා කියලා.ඒ නිසා අඩු වැඩි වශයෙන් සියලුදෙනා මොකද අපි දකිනවා මේ රෝගය ප්‍රශස්ත ලෙස කළමණාකරණය කරගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ප්‍රධාන කුළුනු තුනක් මතයයි මේක රඳා පවතින්නේ. පළවෙනි කුළුන තමයි දේශපාලන අධිකාරිය, දෙවැනි එක තමයි ඒ ගන් ප්‍රතිපත්තිමය තීන්දු අපි ක්‍රියාත්මක කරන්න ඕනනේ. ඒක ත්‍රියාත්මක කරන්න වෙන්නේ ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශවලට.එතකොට ඒ අයගේ කැපවීම.තුන්වැනි කුළුන තමයි මහජනතාව.
දේශපාලන අධිකාරිය තීන්දු ගැනීම දැනට ප්‍රමාදද?
ඇත්තටම දේශපාලන අධිකාරියට මේ සම්බන්ධයෙන් තාක්ෂණික දැනුමක් නැනේ.. ඒ නිසා තාක්ෂණික දැනුම තියෙන අයට තමයි මම වැඩිපුර වරද පටවන්නේ. තාක්ෂණික දැනුම තියෙන අය දේශපාලන අධිකාරියට හරි පණිවුඩය ගෙනියන්න ඕන. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ඉඳලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍ය අංශය ඇතුළු මේ තාක්ෂණික දැනුම තියෙන අය මෙකේ තියෙන අවදානම දේශපාලන අධිකාරියට එත්තුගැන්වුවොත් ජනාධිපතිතුමා තීන්දු ගන්නවා. උදාහරණයක් විදියට අපි කතා කලොත් එහෙම පහුගිය කාලය තුළ ගුවන් තොටුපල වහන්න කියන එක සම්බන්ධයෙන් අනතුර අපි කිව්වාම මාර්තු මාසේ ජනාධිපතිතුමා එක ක්‍රියාත්මක කරා ක්ෂණිකව. ඊළඟට රටේ ප්‍රදේශ ලොක්ඩවුන් කරන්න අපි කිව්වා පයිලට් එකක් විදියට මීගමුවෙන් පටන් අරන් කරන්න කියලා.එක කලා ජනාධිපතිතුමා. මම නම් මෙකේදී ප්‍රධාන වශයෙන් චෝදනාව එල්ල කරන්නේ තාක්ෂණික දැනුම තියෙන අය හරි දේ කියන්නේ නැතිකම.
එතකොට ඇයි සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳව තියෙන අවදානම නිසි පරිදි ආණ්ඩුවට එත්තු ගන්නේ හෝ නිර්දේශ කරන්නෙ නැත්තේ?
ඕව් එක ඇත්තටම අපිට ප්‍රශ්නයක්. මොකද අපි මේ රෝගය සම්බන්ධයෙන් අපි කතා කරනකොට අපි කිව්වා මේක ග්ලෝබල් පැන්ඩමික් එකක් මේක ගෝලීය වසංගතයක්. ඒවාගේම public healthy emergency එකක්. එවගේම මහජන සෞඛ්‍ය උග්‍ර ගැටළුවක්.හදිස්සි තත්ත්වයක්. එතකොට එ දෙක අමතක කරලා අපිට තීන්දු තීරණ ගන්න බැහැ ඇයි කියලා අපි කිව්වා. එකත් එක්ක අපි කිව්වා මේ සම්බන්ධයෙන් අපි ගත යුතු තීන්දු තීරණ අපි තාක්ෂණික මට්ටමින් ගත යුතු තීරණ ගන්න තනි පුද්ගලයෙක් ගන්නවාට වඩා හොඳයි කමිටුවකින් ගන්න එක. ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කිව්වා තාක්ෂණික කමිටුව ක්සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ස්ථාපිත කරන්න. ඒක අපි කිව්වාට පස්සේ ස්ථාපිත කරා. නමුත් පහුගිය මසේ එකහමාර ඇතුළත අපි දැක්කේ නැ එකම අවස්ථාවකදීවත් මේ තාක්ෂණික කමිටුව රැස් කරනවා. එ නිසා අපි ගිය සතියේ සඳුදා වෙනකොට සතියකට කලින් අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට ලිඛිතව කිව්වා වහාම කැඳවන්න මේ තාක්ෂණික කමිටුව කියලා.
ඒ මාස එකහමාරකට පෙර ඒ තාක්ෂණික කමිටුව රැස් වීම මොනතරම් ඵලදායී වුනාද?
ඉතාම ඵලදායී වුනා. විශේෂයෙන්ම මේ රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා නිරෝධායනය සම්බන්ධ ප්‍රතිපත්ති හදන්න ,පනත් වෙනස් කරන්න , නීති වෙනස් කරන්න ඊට අමතරව මාර්ගෝපදේශ හදන්න මේ හැමදේටම ඒ තාක්ෂණික කමිටුව තමයි අපිට වේදිකාව විදියට පාවිච්චි කරේ.
වසංගතය යම් තරමකින් හෝ රටේ පාලනය වුවානම් ඒ සඳහා ප්‍රබල බලපෑමක් තාක්ෂණික කමිටුවෙන් සිද්ධ වුනා?
අනිවාර්යෙන්ම.මොකද අපි ඇත්තටම ගත්තොත් මාර්තු , අප්‍රේල් මාස වල අපි ගත්ත හරි තීරණ නිසා තමයි මැයි ,ජුනි වල සැනසුම් සුසුමක් මිනිසුන් හෙළුවනම් හෙළුවේ. ඒ නිසා තාක්ෂණික කමිටුවනැතුව තනි තනි පුද්ගලයෝ තැන තැන තීන්දු තීරණ ගැනීම හරහා මේකේ විනාශයක් වෙන බව තමයි අපි දැක්කේ.
එතරම් සමුහික සහ නිරදි නිර්දේහ ලබා දුන් තාක්ෂණික කමිටුව අක්‍රීය කරන්නේ හෝ අක්‍රීය වන්නේ ඇයි එහෙනම්?
ඒක අපිට තාම ප්‍රශ්නයක්. නමුත් අපි කිව්වාට පස්සේ අපි යම් මට්ටමකින් සතුටු වෙනවා. පහුගිය සෙනසුරාදා දිනයේ උදෑසන තාක්ෂණික කමිටුව මාස එකහාමරකට පස්සේ රැස් වුනා. අපි අප්‍රේල් මුල වෙනකොට අප්‍රේල් හතරවරනිදා අපි ජනාධිපතිතුමාට බාර දුන්නා exit strategy එකක්. ඒ exit strategy එකේ පැහැදිලිව තියෙනවා නැවත රෝගීන් වාර්තා වුනොත් අපි කටයුතු කල ආකාරය. අපි ඒ නිසා තාක්ෂණික කමිටුවට කියන්නේ ඒක ගැන අවදානය යොමු කරලා ඒ නිර්දේශ ටික රජයට දෙන්න. ඒ හරහා තමයි අපිට ගොඩයන්න පුළුවන් වෙන්නේ.
සමාජයේ කථීකතාවක් මතුවුනා දැන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රබල ලෙස මෙකේ
තියෙන අවදානම සමාජයට සහ රජයට එත්තුගන්වද්දී තවත් සෞඛ්‍ය අංශයේම පිරිසක් මේ අවදානමේන් අඩුයි සහ රට ඉක්මනට විවෘත කල හැකි කියන මතයක් ජනගත කරන්න උත්සහා කරා කියලා ඇතත්ටම එහෙම ගැටළුවක් මත මේ මතුවෙලා තියෙන තත්ත්වය නිර්මාණය වෙන්න පරිසරය හැදුනාද?
මෙහෙමයි දැන් ඒ අය හොයගන්නත් නැනේ.. ඒ නිසා මම හිතන්නේ දැන් ඒ ප්‍රශ්නේ අදාලත් නැ.මොකද අනිත් පැත්තෙන් ගත්තම ජනාධිපතිතුමා ඇහුම්කන් දුන්නේ ඒ අයටද අපිටද කියන එක රටේ ජනතාව දන්නවනේ.ඒ නිසා අපි ඒ ගැන කතා කල යුතු නැ. මොකද ඒ අය දැන් වෙනකොට අයිත් හැංඟිලා.
දැන් මෙවර මේ තත්ත්වය මතුවෙලා තියෙන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේන් කොවිඩ් පොකුරක් වාර්තාවීම ආරම්භවීමත් සමඟ. ඊට අදාළව මාරවිලෙන් කාත්තාවක් අසාදනයට ලක්වීම තමයි බාහිර සමාජයෙන් කලකට පසු කොවිඩ් අසාධිතයෙක් කෙනෙක් වාර්තාවීම බවට පත් වුනේ.
බාහිර සමාජයෙන් කොච්චර කලකට පසුද කොවිඩ් අසාධිතයෙක් වාර්තා වන්නේ?
අවසාන වතාවට වාර්තා වුන රෝගියානම් දින 70ක් ගිහිල්ලා තමයි අපිට මේ ආසන්නම රෝගියා වාර්තා වෙන්නේ.එතකොට අපි කොච්චර ප්‍රශස්ත මට්ටමින් අපිකළමණාකරණය කරගන්න පුළුවන් වුනාද පළවැනි රැල්ල කියන එක සම්බන්ධයෙන් හොඳම උදාහරණය එක.
දැන් අපි මේ සකච්ඡාව කරන්නේ ජුලි 13 සඳුදා මේ වෙනකොට මේ කන්දකාඩු කොවිඩ් පොකුරෙන් කී දෙනෙක් වාර්තා වෙලා තියෙනවද අසාධිතයන්?
නිල වශයෙන් අපිට ඊයේ දවස වනවිට ලැබුන ආරංචි වලට අනුව පන්සිය ගානක් තමයි ඉන්නේ.නමුත් අපිට තියෙන අවදානම තමයි අපිට PCR අපිට ඉවර කරගන්න බැරි පරීක්ෂණ කරලා සම්පල් අරගත්තේ නැති කොටසක් තව ඉතුරු වෙලා ඉන්නවා. එතකොට ඒ පිරිස 200ක්ද 250ක්ද මොකද අපිට මේකේ දකින විශේෂත්වය තමයි නියැදියක් අරගෙන සාම්පල් කරනකොට ලොකු ප්‍රතිශතයක් positive වෙනවා. එ කියන්නේ අපි හිතමු 80% විතර මේ මධ්‍යස්ථනයේ හිටපු අය මේ වෙනකොට positive වෙලා.
තවම උත්තරයක් නැති ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට මේ කොවිඩ් අසාදනය වුනේ කෙහොමද?වැලිකඩ හිරගෙදර අසාධිතයාව හමු නොවුනා නම් මේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇස ගැටෙන්නේ නැහැ බලධාරීන්ගේ කොවිඩ් වාර්තා වේවි කියලා?එතකොට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට කෙහොමද කොවිඩ් ගමන් කරන්නේ?
ඇත්තටම ඔව් එක සොයා බැලිය යුතු කාරණාවක්. මොකද ඇත්තටම අපි පහුගිය කාලය තුළ අපි අතින් වුන අඩුපාඩු සමාලෝචනය කරගත යුතුමයි. තාම අපි හරි විදියට ඒ සමහර දේවල් කරලා නැහැයි කියන එක තමයි අපේ විශ්වාසය. මොකද අපිට ආසන්නම උදාහරණයට තමයි වැලිසර නාවික හමුදා කඳවුරේ සිද්ධිය. නාවික හමුදා කඳවුරේ රෝගියෙක්ගෙන් වාර්තා වෙලා රෝගීන් 1000කට ආසන්න ප්‍රමාණයක් දක්වා රෝගීන් ව්‍යාප්ත වෙන එක කෙහොමද කියන එක ගැඹුරු අධ්‍යනයක් අපි තවම කරලා නැ. වෙන්න පුළුවන් ප්‍රධානම ක්‍රමය තමයි මේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඇතුළට මේ රැඳවියන් නැත්තනම් පුනරුත්ථාපනයට ලක්වෙන අය බාරගන්නකොට ඒ මධ්‍යාස්ථානයේ මේ දක්වා අනුගමනය කැරලා තියෙන විදිය තමයි PCR පරීක්ෂණයක් කරලා PCR පරීක්ෂණය Negative නම් තමයි මධ්‍යස්ථානය ඇතුලට අරන් තියෙන්නේ.. ඒක හොඳයි.. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එක පාරක් PCR කරාට සමහරවිට රෝගීන් මඟ ඇරෙන්න පුළුවන්..එහෙම මඟ ඇරුන කෙනෙක් මධ්‍යස්ථානය ඇතුලට වෛරසය අරන් ආවා වෙන්න පුළුවන්. දැන් සමහර කෙනෙක් සැක කරනවා සුදු වැල්ලේ සිද්ධිය. දැන් මාස තුනකට හතරකට එහා සිද්ධිය. ඒ ආපු අශ්‍රිතයෝද මෙතන ඉදලා තියෙනවා. ඒ හරහා වෛරසය අවාද කියලා. එතකොට ඇත්තටම අපිට දැනට තියෙන දත්ත මත අපිට උපකල්පනය කරන්න පුළුවන් වෙන්නේ මේ ඊයේ පෙරේදා නෙමෙයි කන්දකාඩු ඇතුලට මේ වෛරසය ඇවිත් තියෙන්නේ.. සමහරවිට මීට මාසෙකට දෙකකට තුනකට කලින් වෙන්න පුළුවන් වෛරසය කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇවිල්ලා තියෙන්නේ.. එක ඇතුලේ circulate වෙමින් තිබිලා මේ පුද්ගලයාගේ රෝග ලක්ෂණ මතුවීමස නිසා තමයි මෙයාව අපිට detact කරගන්න පුළුවන් වුනේ..
කන්දකාඩු කියන වචනේ මේ නිරෝධායන මධ්‍යස්ථානයත් සමඟත් සමාජගත වෙලා තියෙනවා ඇතැමුන්ට අපහැදිලි බවක් මතු වනවා මේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයත් පුනරුත්ථාපන මධ්‍යස්ථානයත් යනුවෙන් හඳුන්වන්නේ එකක්ද කියලා?
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය කියන්නේ මතට ඇබ්බැහි වුවන්ව ඉන් මුදවා ගැනීම සඳහා වෙනම පිහිටා තිබෙන මධ්‍යස්ථානයක්. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය යනු කොවිඩ් අසාදිතයින් සහ වේවි යැයි විශ්වාස කරන අයව රඳවා තිබු ස්ථානයක්. එතකොට මේ දෙක දෙකක්. ඒ නිසා මේ කිසිම කොවිඩ් 19 අසාදිතයින් නොසිටිය යුතු තැනකින් තමයි මෙය වාර්තා වෙලා තියෙන්නේ.. ඒකේ ගැටළුව තමයි දැන් මේ කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඒ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන්ගේ දෙමාපියන් නිරන්තරයෙන් ගමන් කරනවා ඔවුන් බලන්න. එතනත් විශාල බලපෑමක් තියෙනවා.
මෙතනදී අපි පෙරේදා දවස ගත්තොත් එහෙම පෙරේදා දවසේ මධ්‍යස්ථානයෙන් වාර්තා වෙච්ච රෝගීන් ගනනට සාපේක්ෂව 30 දෙනෙක් වාර්තා වුනා බාහිර සමාජයෙන්.. එතකොට 30 දෙනොගෙන් 12 දෙනෙක් රාංජගණයේ. ඉතුරු 18 දෙනාම ලංකාවේ විවිධ තැන් වලින්. හබරාදුවෙන් වාර්තා වුනා එ වගේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වුනා. ඒ හින්දා තමයි දැන් මේ පොකුරේ තියෙන භායානක කම.දැන් අපිට නාවික හමුදා පොකුරේදී අපි පුළුවන් තරම් ඉක්මනට නාවික හමුදාව නැවත කැඳවපු හින්දා දැන් අර සමාජය තුළ අපිට මේක පාලනය කරගන්න ලේසි වුනා. නමුත් දැන් මේ අය දැන් සංචරන සීමාත් නැනේ.. නාවික හමුදා පොකුර එන අවස්ථාවේදී රටේ ඇඳරී නිතියක් තිබුනා. සංචරන සීමා තිබුනා. මිනිස්සු ගෙවල්වල හිටියේ.. නමුත් දැන් මිනිස්සු පාර පුරා යනවා.. මිනිස්සුන්ට කෙරෝනා අමතක වෙලා.. ඒ තියෙන තත්ත්වය යටතේ සමාජය තුළට මේක සම්ප්‍රේෂණය වෙනන් තියෙන අවදානම අර වගේ දහස් ගුණයකින් වැඩිවෙලා තියෙනවා.. එකයි මේ මොහාතේ අපි ගත යුතු තීරණ හරියට ගන්න ඕන..
මේ සියළු අවදානම් සහ බලපෑම් මැද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රබල ලෙස මතු කරන කාරණවක් තමයි මේ කොවිඩ් 19 අසාදනය වුවන් පරීක්ෂා කිරිම සඳහා තිබෙන ප්‍රායෝගික සහ දැනට තිබෙන පහසු පියවරඑ විදියට තිබෙන්නේ PCR පරීක්ෂණ. නිසි පරිදි මොනතරම් බලධාරීන්ට කිව්වත් ක්‍රියාත්මක නොකිරීම අදටත් දැනටත් කණගාටු තත්ත්වයමද තියෙන්නේ?
මේ ප්‍රශ්නේදී වැදගත්ම දේ තමයි ලංකාව පුරා ප්‍ර දේශ වල අවදානම මොකද්ද කියලා අපි තාම තක්සේරු කරගෙන නැ. එකට හේතුව තමයි අපි ඔය කියන සාම්පල් අරගෙන සමාජය තුළ අහඹු නියැදි අරගෙන අපි පරීක්ෂා කරලා නැ. ඔබ ඇහුවොත් එහෙම මොනරාගල තියෙන අවදානම මොකද්ද කියලා මගෙන් ඇහුවොත් එහෙම කොරෝනා වලට මට දෙන්න උත්තරයක් නැ. මොකද අපි අවදානම තක්සේරු කරලා නැ හින්දා. ලොකේ ගොඩක් රටවල් රට විවෘත කරන්න කලින් මේ අවදානම තක්සේරු කරා. නමුත් අපි ඒක කලේ නැ. ඒක ඇත්තට චෝදනාව එල්ල වෙන්න ඕන සෞඛ්‍ය අංශ වලට. උදාහරණයක් විදියට අපිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ ළඟදී ප්‍රකාශයට පත් කරා 2500ක් විතර දවසකට උපරිම ගන්න පුළුවන්. මේ ප්‍රස්තාරය බැලුවාම පහුගිය සතිය තුළ සමහර දවස් වලට කරලා තියෙන්නේ 599යි. ඇයි මේ විදියට විචල්‍ය වෙන්නේ.ඇයි අපිට බැරි වෙන්නේ මේක 2500 ලේවල් එකට අරගන්න. උපරිම කරලා තියෙන්නේ 1600ක් විතර. එක අපිට කලා නම් අපිට සමාජයේ අවදානම තක්සේරු කරන්න පුළුවන්. අවදානම තක්සේරු කරන්නේ නැතුව අපිට හරි අමාරුයි උත්තරයක් දෙන්න ඒ ප්‍රදේශවල තියෙන අවදානම පිළිබඳව.
දැනට තාක්ෂණික ගැටළුවක්ද මේ PCR පරීක්ෂණ අවම වීමට බලපලා තියෙන්නේ?එහෙමත් නැත්තම් කළමණාකරණ ගැටළුවක්ද?
මම හිතන්නේ ඒ දෙකේම සංකලනයක්. ඇත්තටම අපි මෙතනදී කියන කාරණාවක් තමයි සෞඛ්‍ය අංශ වලට ගැටළුවක් තියෙනවා නම් මේක වැඩි කරන්න ඒ ඇත්ත තත්ත්වය ඇයි ජනාධිපතිතුමාට වාර්තා කරන්නේ නැත්තේ?එහෙමනම් ජනාධිපතිතුමාට මැදිහත් වෙලා හරි රජය මැදිහත් වෙලා හරි මේකට අවශ්‍ය කරන පහසුකම් ටික දෙනවනේ.. හොඳම උදාහරණය රට විළුෘත කරන්න සතියකට කලින් වසංගත රෝග විද්‍යා අංශය වාර්තාවක් දෙනවා සෞඛ්‍ය ඇමතිතුමියට රට විවෘත කරන්න කලින් අවම වශයෙන් මාසෙකට පරීක්ෂණ 68 000ක් කළ යුතුයි කියලා.. ඒ කියන්නේ දවසකට 2000-2500ක්. නමුත් තාම අපි ඒ ලේවල් එකට ඇවිල්ලා නැ. එතකොට ඒ අය පැහැදිලි කල යුතුයි ඇයි ඒ අයට බැරි උනේ කියලා. ඒ හරහා රටේ අවදානම හරියට තක්සේරු කරගන්නේ බැරිවුනේ කියලා..
ඔබතුමා අවදානම් සහගත ස්ථාන හතරක් හැඳින්වුවා පාසල, ගුවන් තොටුපළ, පොදු ප්‍රවාහනය සහ ඡන්දය දැන් ගුවන් තොටුපළ තාවකාලිකව වහන් තීරණය කරලා තියෙනවා අද ජුලි 14 සිට. එතකොට පාසල මේ සතිය තුල වහලා තියෙනවා. පොදු ප්‍රවාහනය සහ මහා සමාජය තවමත් සක්‍රීයයි. එතන තියෙන බලපෑම සහ අවදානම කෙහොමද?
අවදානම් ප්‍රදේශ හඳුනාගෙන ග්‍රාම නිලධාරි මට්ටමෙන් හරි ඒ ප්‍රදේශ හුදෙකලා කිරීම මේ මොහොතේ වැදගත් වෙනවා. එහෙම නැති වුනොත් එහෙම අපිට සමහර විට අපි හිතමු රාජංගණයේ ට්‍රැක් 5 කියන ගම අපි අද හුදෙකලා කලොත් මුළු රාජංගණයම හෙට දවසේ වහන්න තියෙන එක වලක්වගන්න පුළුවන් වෙයි.නමුත් එක කරන්නේ නැතුව අපි බලාගෙන හිටියොත් සමහරවිට මුළු උතුරුමැද පලාතම වහන්න වෙයි. ඒ නිසා මේ මොහොතේ ගන්න ඕන තීරණ බය නැතුව ගැනීම හරහා තමයි අපිට අනාගතයේදී රටට මේ හරහා වෙන බලපෑම වලක්ව ගන්න පුළුවන් වෙන්නේ.
සමීපතම අශ්‍රිතයින් හඳුනාගැනීම බුද්ධි අංශ මඟින් නිවරදිව සිද්ධ කරනවා. ඒ සමීපතම අශ්‍රිතයින් ඔබතුමා සඳහන් කරා මහ සමාජයෙන් අර කන්දකාඩු පුනරුත්ථාපන මත්ද්‍රව්‍ය මධ්‍යස්ථානයට අදාළව 30 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වුනා කියලා.ඒ 30 දෙනාම ඇසුරු කල කණ්ඩායම් හඳුනාගනිමින් සහ ඔවුන් යළිත් සමාජගත වීම වලක්වාලමින් අවශ්‍ය කටයතු මේ වෙද්දී සිද්ධ වෙමින් පවතිනවද?
සිද්ධ වෙමින් පවතිනවා. ඊයේ දවසේ මට දෙහිඅත්තකණ්ඩියෙන් කතා කරලා දෙහිඅත්තකණ්ඩියෙන් දෙන්නේක් වාර්තා වුනා.හබරාදුවෙන් කතා කරා ඒ හැමතැනකම මේ වෙනෙකොට හඳුනාගනිමින් පවතිනවා. සියයට සියක් ඉවර කරලා නැ.ඒ හින්දා තමයි ඒ ස්පර්ශකයන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය නිමවනතෙක් අඩුම ගානේ ඒ ප්‍රදේශ හුදෙකලා කිරිම නැදගත් තියලා අපි විශ්වාස කරනවා. මොකද ඒ හරහා තව රෝගය ව්‍යාප්ත වීම වලක්වාගන්න පුළුවන්.
මේ වෙද්දී සංචරන සීමා නැති හින්දා මේ වෙනකොටත් කොවිඩ් 19 අසාදනය වුවන් මහා සමාජයේ ගමන් කරමින් සිටිනවා වෙන්නට පුළුවන්?
අනිවාර්යෙන්ම.එක අපි කෙහේද ඉන්නේ කවුද කියලා දන්නේ නැ. පවතින තත්වය යටතේ අඩුමගානේ සතියක කාල සීමාවක් යයි මේ සියලුම contacts ටික හොයාගෙන ඉවර කරගන්න.
මහාමැතිවරණය අදාල කුඩා රැස්වීම්, රැස්වීම් සහ පොකුරු රැස්වීම් ආදිය ඇතැම් පක්ෂ මේ වෙද්දී සීමා කරලා තියෙනවා. හැබැයි බොහෝ පක්ෂ තවමත් ඒ පිළිබඳව ප්‍රකාශ නිකුත් තරලා නැහැ. ඔවුන්ට තියෙන වගකීම කුමක්ද?
ඇත්තටම පක්ෂ විපක්ෂයකින් තොරව අපි දැක්කා දේශපාලඥයන්ට කොරෝනා කොච්චර අමතක වෙලාද කියලා. සමාජයට වගේම මිනිසුන්ට වගේම දේශපාලඥයන්ට වගකීමක් තියෙනවා මේ බැරෑරුම් මොහොත අවබෝධ කරගෙන ඒ තත්ත්වය කලමණාකරණය කරගන්න. මේ මොහොත ප්‍රශස්ත විදියට අපි කලමණාකරණය කරගත්තොත් ඡකන්දය පවත්වන්නත් පුළුවන් වෙයි අනිත් දේවලුත් කරගන්න පුළුවන් වෙයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදියට සමාජයට දෙන්න තියෙන ප්‍රබලම පණිවිඩය මොකද්ද?
පැහැදිලිවම කෙරෝනා ඉවර වෙන්නේ නැ මේ මොහොතේදී. මේක ගෝලීය වසංගත තත්ත්වයක්. සමහරවිට තව අවුරුද්දක්ද දෙකක්ද අපිට කියන්න බැ කෙහොමද වෙන්නේ කියලා. ඒ නිසා අපි කිසිසේත්ම අපෙන් වාර්තා නොවුනයි කියලා කොරෝනා අමතක කරලා දාලා ඉන්න බැහැ.
එකිනෙකාට මතුවන රෝගී ස්වභාවයන් වෙනස් නිසා කොවිඩ් 19 වසංගතය වෙනුවෙන් එන්නතක් හඳුන්වාදීම ප්‍රායෝගික නැ සහ දුෂ්කරයි තකියලා ඇතැමුන් කියනවා?
එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපිට දැන් සමහර විද්‍යාඥ කණ්ඩායම් සොයාගෙන තියෙන විදියට මෙකේ strains කිහිපයක් තියෙනවා. එ හරහා type A වලට අපි එන්නතක් හැදුවාට type B එකට හරියන්නේ නැතිවෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රයෝගික දුෂ්කරතා මතුවෙලා තියෙනවා.ඉතිං ලෝකය පුරා මේ සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ කැරනවා.. මේ මොහොත වෙනකොට අපිට එහෙම ස්ථිරවම එන්නතක් එයි කියලා හිතන්න බැ.
සාකච්ඡාව - හරින්ද්‍ර ජයලාල්