නමින් හඳුන්වන ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීමට පෙරේදා (18) පැමිණි අවස්ථාවේදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ කරුණු සඳහන් කළේය.මෙම ඉපැරැණි ගොඩනැගිල්ලට සිදුවී ඇති හානිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද කමිටුවේ සභාපතිවරයා වන මහාචාර්ය සෙනරත් දිසානායක මහතා එම කමිටුවේ අනෙකුත් සාමාජිකයන් ද සමග පැමිණ එහි හානිය නිරීක්ෂණය කළේය.
බැකෝ යන්ත්‍ර යොදා කඩා දමන ලද ඉපැරැණි ගොඩනැගිල්ලේ කොටස් සමග එම ගොඩනැගිල්ලට සම්බන්ධ කර මෑතකදී ඉදිකර තිබියදී කඩා දමන ලද කොටස්ද මෙම කමිටුවේ නිරික්ෂණයට ලක්විය. එම කමිටුවේ අනෙකුත් සාමාජිකයන් වන ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයකු වන මහාචාර්ය ටී.ජී. කුලතුංග, මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) සුමේධා මාතොට, කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් කිත්සිරි, සංස්කෘතික හා බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුරාවිද්‍යාඥ ප්‍රසාද් රණසිංහ යන මහත්ම මහත්මීහු ද මෙම නිරික්ෂණයට පැමිණ සිටියහ. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු කණ්ඩායම එහිදී කරුණු රැසක් සොයා බැලූ අතර මේ සම්බන්ධයෙන් වන අංගසම්පූර්ණ වාර්තාවක් අග්‍රාමාත්‍යවරයාට හෙට (21) දිනය වන විට ලබා දීමට බලාපොරොත්තු වන බව ද මහාචාර්ය සෙනරත් දිසානායක මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. මහාචාර්ය සෙනරත් දිසානායක මහතා එහිදී මෙසේ ද කීවේය.
අපි මෙහිදී කරුණු කීපයක් නිරීක්ෂණය කළා. මේ ස්ථානයට සිදුවෙලා තියෙන හානිය තක්සේරු කිරීම සහ මේ ස්ථානය නැවත සංරක්ෂණය කරන්න පුළුවන් ද කියන හැකියාව සොයා බැලීම කියන කාරණා සම්බන්ධයෙන් තමයි අපි වැඩියෙන්ම අවධානය යොමු කළේ. ඒත් එක්කම මෙහි පෞරාණිකත්වය පිළිබඳව කරුණු අනාවරණය කරගැනීම සඳහා අප සතුව මේ සම්බන්ධයෙන් ඇති තොරතුරු පරිහරණය කිරීමට සිද්ධ වෙනවා. මේ සම්බන්ධයෙන් අපි කරුණු රැසක්ම මෙම නිරික්ෂණයේදී රැස්කර ගත්තා. පැහැදිලිවම පෙනෙනවා මේ ස්ථානයට විශාල හානියක් සිදුකරලා තියෙන බව. පුරාවිද්‍යා ආඥා පනත යටතේ මෙවැනි පුරාවිද්‍යා හානි කිරීම් වලට පැහැදිලිවම ලබා දෙන දඩුවම් සඳහන් කර තිබෙනවා. උපරිමව වසර දෙකක සිර දඬුවමක් සමග රුපියල් පනස් දහසේ සිට ලක්ෂය දක්වා වන දඩ මුදලක් ද නියම කෙරෙනවා.
අපේ දෙපාර්තමේන්තුවේ ස්ථාවරය තමයි අපි මේක පැහැදිලිවම හඳුනාගෙන සිටින ඉපැරැණි ගොඩනැගිල්ලක් බව. මේ ගොඩනැගිල්ල පැරැණි නැහැ කියලා තවත් පාර්ශ්වයක් ප්‍රකාශ කරලා තියෙන නිසා අපි මේ සම්බන්ධයෙන් වන පැහැදිලි වාර්තාවක් අග්‍රාමාත්‍යතුමාට බාර දෙනවා. මේක මේ වන විට ආන්දෝලනයකට ලක්ව තිබෙන සිදුවීමක් නිසා අපි ඉතා වගකීමෙන් මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතුයි. මෙවැනි පුරාවිද්‍යාත්මක ස්ථානයක් කුලියට හෝ බද්දට දීමට පුළුවන්. ලෝකයේම තියෙන ප්‍රවණතාවක් තමයි මෙවැනි ඉපැරැණි ස්ථාන මොකක් හරි දෙයකට යෙදවීම. ඒ විදියට කුලියට හෝ බද්දට ලබා දුන් පෞරාණික ස්ථාන රැසක්ම ලංකාවේ තිබෙනවා.
කොටුවේ තිබෙන පැරැණි රෝහල අද භෝජනාගාරයක් විදියට පවත්වාගෙන යනවා. ඒ විදියට උදාහරණ අපේ රටේ දාහක් තරම්ම තියෙනවා. ඊට හේතුව තමයි අපිට දෙපාර්තමේන්තුවක් විදියට මේ ස්ථාන නඩත්තු කරන්න නොහැකි වීම යනුවෙන් ද මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කළේය. මෙම ස්ථානය බද්දට ගත් ව්‍යාපාරිකයා පුරාවිද්‍යා ආඥා පනතට පටහැනිව ඊට අලුතින් ඉදිකිරීම් සිදුකර තිබීම වරදක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය. ඉපැරැණි යැයි කියන ස්ථානයකට සිදුවන හාතියක් තුළින් එම ස්ථානය නිරුපද්‍රිතව තිබෙනවාට වඩා තොරතුරු පහසුවෙන් අනාවරණය කරගත හැකි බව ඔහු පැවසීය.
-පුෂ්පකුමාර ජයරත්න-