තිබෙනවා. මෙම නිලධාරියා හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුයේ මිට දින දෙකකට පෙර සිදුකළ PCR පරීක්ෂණයකදිය. මෙම පුද්ගලයා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ ආශ්‍රිතයෙක් වන අතර ඔහු නිරෝධායන ක්‍රියාවලියට ලක්ව නොසිටි බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
එමෙන්ම මෙම නිලධාරියා සමග සමීපව ආශ්‍රය කළ බව කියන ඇතැම් ආශ්‍රිතයින් පොළොන්නරුව, හිඟුරග්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක විසිරි සිටින බවයි ලංකාපුර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක මිලින්ද සම්පත් සඳහන් කර සිටියේ. එම ආශ්‍රිතයින් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ සෞඛ්‍ය බලධාරීන්ට මේ වන විට දැනුවත් කොට ඇති බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.
මෙම නිලධාරියා මිට දින කිහිපයකට ඉහතදී ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට ද සහභාගිවී ඇති අතර එහිදී ඔහු මියගිය පුද්ගලයාගේ භූමදානය සිදුකිරීමට අවශ්‍ය ස්ථානය සකස් කරන ස්ථානයට ද ගොස් එහි සිටි පිරිස් සමග මත්පැන් සාදයක් ද පවත්වා ඇති බවට කරුණු හෙළිව තිබෙනවා. එම ස්ථානයේ පමණක් ඔහු හා සම්බන්ධ වූ ආශ්‍රිතයින් සංඛ්‍යාව 14 දෙනෙක් බවයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා සඳහන් කළේ.
මේ වන විට මෙම නිලධාරියාගේ ආශ්‍රිතයින් 50 කට ආසන්න ප්‍රමාණයක් නිරෝධායනයට ලක් කොට ඇති බවත් දළ වශයෙන් පුද්ගලයින් 200 ක ගේ පමණ PCR පරීක්ෂණ සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි ලංකාපුර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.